රනිල් සහ මහින්ද අතර රහස්‌ ගිවිසුමක්‌

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර රහසිගත ගිවිසුමක්‌ ඇතැයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඊයේ (02 වැනිදා) සඳහන් කළේය.

නව රජය පත්වී මාස විසිගණනක්‌ ගතව ඇතත් රාජපක්‍ෂ පවුලේ හොරුන් කිසිවකුට හෝ නිසි දඬුවමක්‌ දී නැත්තේ මේ ගිවිසුම අනුව යෑයි ද හෙතෙම චෝදනා කළේය.

පසුගිය රජය සමයේ හොරකම් සහ මැරකම්වලට හවුල් රාජපක්‍ෂ පවුලේ කිසිවකුට හෝ ඉදිරියටත් දඬුවමක්‌ නොලැබෙනු ඇතැයි ද වත්මන් රජය ජනතාවට දුන් කිසිදු පොරොන්දුවක්‌ ඉටු වී නැති බව ද කී හෙතෙම මෙම රජය පත්කිරීමට වෙහෙසවීම පිළිබඳ තමන් ලඡ්ජාවට පත්වන බවත් සඳහන් කළේය.

හරි නම් තමන් තමන්ටම සෙරෙප්පුවෙන් ගසාගත යුතුව ඇතැයි ද පැවසූ අසාද් සාලි මහතා තමන් පත්කරගත් මෙම රජය සුළු ජාතීන්ට පහර දෙන බවත් සුළු ජාතීන්ට කියලා පහර දුන් මහින්ද රාජපක්‍ෂ මහතා මීට වඩා හොඳ බවත් කියා සිටියේය.

මෙම රජයේ හවුල්කාර පක්‍ෂ දෙක එක්‌ වී රේල් පීල්ලේ ගමන් කරන බවත් මෙය ජනතාවට කරන ෙද්‍රdaහීකමක්‌ බවත් අසාද් සාලි මහතා වැඩිදුරටත් පැවසීය.