ස්‌විස්‌ බැංකුවල කළු සල්ලි රහස්‌ හෙළිවේ

ස්‌විස්‌ බැංකුවල "කළු සල්ලි" තැන්පත් කරන්නන්ගේ රහස්‍යභාවය ජනවාරි 1 දා සිට අහෝසි කර ඇත.

මේ නිසා ස්‌විස්‌ බැංකුවල කළු සල්ලි තැන්පත් කර ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳව හෙළි වේ.

ස්‌විස්‌ බැංකුවල කළු සල්ලි තැන්පත් කරන්නන්ගේ රහස්‍යභාවය අහෝසි කිරීමේ තීරණය ස්‌විස්‌ රජය මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර මේ සඳහා වූ ප්‍රඥප්තියට ස්‌විස්‌ රජය අත්සන් කර තිබේ.

ශ්‍රී ලාංකිකයන් 200 කට අධික පිරිසකගේ කළු සල්ලි ස්‌විස්‌ බැංකුවල ඇති බවට පසුගිය වසරේදී පැනමා රහස්‌ ලියවිලිවලින් හෙළි වුවත් ඊට අදාළ තොරතුරු ලබාදීමට ස්‌විස්‌ රජය ක්‍රියා කර නැත.

එහෙත් රහස්‍යභාවය අහෝසි කිරීම නිසා මින් පසු කළු සල්ලි තැන්පත් කරන්නන් පිළිබඳ අනාවරණය වනු ඇත.