රාජකීය විදුහලට සිසුන් ගැනීම අත්හිටුවයි

කොළඹ රාජකීය විදුහලේ පළමු ශ්‍රේණියට තෝරාගෙන සිටින දරුවන් ඇතුළත් කිරීම අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. දරුවන් තෝරා ගැනීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට ලැබී ඇති පැමිණිලි පරීක්‍ෂා කරන හෙයින් මෙම තීරණය ගත් බව අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා ඊයේ (9 දා) පැවසීය.

ඒ අනුව පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික දිනය වන හෙට (11 වැනිදා) රාජකීය විද්‍යාලයට දරුවන් ඇතුළත් කර නොගැනේ. මේ බව අමාත්‍යාංශය එම විදුහලට දැනුම් දී තිබේ.

පැමිණිලි ලැබී ඇති සෙසු පාසල් සම්බන්ධයෙන්ද පරීක්‍ෂණ පැවැත්වෙයි.