ඊයේ සිට ලොතරැයි අලෙවිය නවතී

ලොතරැයි ටිකට්‌පතක මිල රුපියල් දහයකින් වැඩි කළැයි විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයෝ ඊයේ (01) ලොතරැයි විකිණීම වර්ජනය කළහ.

රුපියල් 20 ට තිබූ ලොතරැයි පතක මිල රු. 30 දක්‌වා වැඩිකර ඇතැයි ඔවුහු පවසති.

මේ හේතුවෙන් ලොතරැයි අලෙවි කුටි සියල්ල වසා දමා ඇතැයි සමස්‌ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය.

ලොතරැයි පතක මිල රු. 30 දක්‌වා වැඩි කළත් තමන්ට ලැබෙන කොමිස්‌ මුදල අඩුවී ඇතැයිද ඔව්හු කියති.