39ක් ඝාතනය කළ ඉස්ථාන්බුල් ත්‍රස්ත ප්‍රහාරයේ CCTV දර්ශන

2017 නව අවුරුද්ද උදා වී හෝරාවක් යන්නට මත්තෙන් තුර්කියේ, ඉස්ථාන්බුල් නුවර සමාජ ශාලාවකට කඩා වැදුණු ත්‍රස්වාදියෙක් එහි සිටි පිරිස වෙඩි තබන අයුරු දැක්වෙන CCTV දර්ශන නිකුත් වී තිබේ.

වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා ගිනි අවිය දමා එම ස්ථානයෙන් පළා ගොස් තිබිණ.

ප්‍රහාරකයා අල්ලා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ත් නුදුරේදී ම ඔහු අත්අඩංගුවට ගත හැකි බවට ත් එරට ස්වදේශ කටයුතු ආමාත්‍යරයා විදෙස් මාධ්‍යට පවසා ඇත.


පුද්ගලයින් 39 දෙනෙකුට මරු කැඳවා තවත් 70 දෙනෙක් පමණ තුවාලකරුවන් බවට පත් කළ මෙම ප්‍රහාරයේ ත්‍රස්ත ප්‍රහාරකා සොයා එරට පොලීසිය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඊයේ අලුයම 1.30ට පමණ පැමිණි ප්‍රහාරකයා ප්‍රථමයෙන් එහි පෙලිස් නිලධාරියෙකු සහ එහි ආරක්ෂයා වෙඩි තබා ඝාතනය කර සමාජ ශාලාව තුළට කඩා වැදිණ.

ප්‍රහාරය එල්ල වූ සැනින් පළ වූ වාර්තාවලට අනුව ප්‍රහාරකයා සැන්ටා ඇඳුම් ආයිත්ම්වලින් සැරසී පැමිණ ඇති බව කියවුණ නවතම වාර්තාවලට අනුව තුර්කි බලධාරීන් එය ප්‍රතික්ෂේප කරති.

මේ අතර ප්‍රහාරයකයා එවැනි ඇඳුමකින් සැරසී සිටින ආකාරයක් දර්ශනවලද දැක ගත නොහැක.

තුර්කි බලධාරීන් පවසන්නේ, මිය ගිය පිරිස අතර ඊශ්‍රායල්, ප්‍රංශ, ටියුනීසියා, ලෙබනන්, ඉන්දීය බෙල්ජියම් ජෝර්දාන් සහ සෞදි ආරාබි ජාතිකයින් ද ව බව ය.

තුර්කියේ පිහිටි ප්‍රධාන පෙළේ සමාජ ශාලාවක් වන මෙම ස්ථානයේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පුද්ගලයින් 700 දෙනෙකු පමණ සිට ඇත.

කුර්දි කැරළිකරුවන් තම සංවිධානය ප්‍රහාරය එල්ල නොකළ බව පැවසීමත් සමග තුර්කි බලධාරීන්ගේ චෝදානාව එල්ල වන්න්, IS ත්‍රස්තයින් දෙසටයි.

කෙසේ වෙතත් IS සටන්කාමීන් මේ වන තෙක් ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

පසුගිය සමයේ තුර්කියට එල්ල වූ ප්‍රහාර දෙස විමර්ශනශීලිව බැලීමේදී පැහැදිලි වන්නේ කුර්දි කැරලිකරුවන් බොහෝ අවස්ථාවලදී තුර්කියේ ආරක්ෂ අංශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ත් ඔවුන් සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර නොමැති බවත් ය.

තුර්කිය පසුගිය වසරේ බරපතළ ගනයේ ත්‍රස්ත ප්‍රහාර රැසකට ගොදුරු වූ අතර එම ප්‍රහාර බොහොමයක් සිදු කරනු ලැබුවේ අයි.එස්. සටන්කාමීන් සහ කුර්දි කැරලිකරුවන් විසිනි.

මීට දෙසතියකට ඉහතදී එරට පොලිස් නිලධාරියෙකු විසින් තුර්කියේ රුසියානු තානාපතිවරයා වෙඩි තබා ඝාතනය කරනු ලැබූ අතර වෙඩි තැබීමෙන් පසු ඔහු පැවසුවේ, සිරියාවේ ඇලැප්පෝ නගරයේ ප්‍රහාර සඳහා රුසියාවේ සහය වී සිටීමට පළි ගැනීමක් ලෙස තනාපතිවරයහා වෙඩි තබා ඝාතනය කළ බව ය.

දෙසැම්බර් 10 : ඉස්ථාන්බුල් නුවර පාපාන්දු ක්‍රීඩාංගණයක් අසලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 44ක් ජීවිතක්ෂයට

ජුනි 28 : තුවක්කුකරුවෙක් ඉස්තාන්බුල්හි ආටටර්ක් ගුවන්තොටුපොළට එල්ල කළ බෝම්බ සහ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 41ක් මරුට

මාර්තු 13 : ඇන්කරා නුවරට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 37ක් මරුට

පෙබරවාරි 17 : ඇන්කරාහි හමුදා භාණ්ඩ රැගත් රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් 28ක් මරුට

අගෝස්තු 20 : ගෑසියන්ටෙප්හි විවාහ මංගල්‍ය උත්සවයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු මරුට

මේ අතර තුර්කිය පසුගිය සිව් මසක සිට සිරියාවේ සටන් සඳහා දායක වී සිටී.