යොහානා රත්වත්තේට දඩය 5000 යි

පසුගියදා පස්යාල ප්‍රදේශයේදී ආදායම් බලපත්‍රයක් නොමැතිව ඩබල් ඉරිකපා ඉස්සර කරමින් පොලිස් අණ නොතකා අධික වේගයකින් ජිප් රථයක් පැදවු නිසා පොලිසියට හසුවී පසුව වරද පිළිගත් හිටපු ජනපති පුත්යෝෂිතගේ වත්මන් පෙම්වතිය වන පාර්ලිමේන්තු මන්ත්‍රීලොහාන් රත්වත්ත මහතාගේ දියණියක වන යොහානා ගීතංජලී රත්වත්ත අද (2) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

විත්තිකාරියකට අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා මහතා අද (2) රුපියල් 5000ක දඩ නියම කොට තරයේ අවවාද කළ බව අධිකරණ වාර්තාකරු ස‍ඳහන් කරයි.

ඇය මිතුරියන් පිරිසක් සමග මහනුවර නිවසට යන අතර මෙම වරද සිදු කර තිබුණි.