කසිප්පු පෙරීම වැඩිවෙයි

බියර් මත්පැන් මිල ඉහළ යෑම හේතුවෙන් නීතිවිරෝධී කසිප්පු නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

බස්නාහිර පළාත තුළ පමණක් මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) නිෂ්පාදනාගාර 30කට ආසන්න ප්‍රමාණයක් පසුගිය සති දෙක තුළ පමණක් වැටලූ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

රජය විසින් මත්පැන් මිල ඉහළ දැමීම හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, මහා පරිමාණයේ නීතිවිරෝධී මත්පැන් තොග කොළඹට එවීමේ උත්සාහයක් පවතින බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාර සොයා වැටලීම් වැඩිකර ඇති බවද එම නිලධාරියා පැවසීය.
නිමල කොඩිතුවක්කු