ඉරණවිල "ඇමරිකානු හඬ" වසා දැමේ

voice of america iranawila sri lanka
මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ මහත් ආන්දොලනයකට තුඩුදී තිබූ ඉරණවිල වොයිස්‌ ඔෆ් ඇමරිකා නමැති සම්ප්‍රෙෂණ මධ්‍යස්‌ථානය වසා දැමීමට ඇමරිකානු රජය තීරණය කර ඇත.

1993 වසරේ ඉදිකළ මෙම ඇමරිකානු සම්ප්‍රෙෂණ මධ්‍යස්‌ථානය අක්‌කර 500 ක භූමි ප්‍රදේශයක ක්‍රියාත්මක විය. ඇමරිකානු රජය යටතේ පාලනය වූ මෙම සම්ප්‍රෙෂණ මධ්‍යස්‌ථානයට තානාපති මුක්‌තිය හිමිවීම නිසා මෙරට ආරක්‌ෂක අංශවලටද එම ස්‌ථානය තහනම් කලාපයක්‌ වී තිබුණි.

මෙම සම්ප්‍රෙෂණ මධ්‍යස්‌ථානයෙන් අග්නිදිග ආසියාවටම සම්ප්‍රෙෂණ ක්‍රියාදාමය දියත් විය.

මෙකී වොයිස්‌ ඔෆ් ඇමරිකා හෙවත් ඇමරිකානු හඬ මධ්‍යස්‌ථානය මගින් ඉන්දීය සාගරයේ යාත්‍රා කෙරෙන ඇමරිකානු නාවික යාත්‍රා සමග සබඳකම් පැවැත්වූ බවටද චෝදනා එල්ල විය.