වසර කෝටි 200 ක්‌ පැරණි ජලය සොයා ගනී

වසර කෝටි 200 ක්‌ පැරැණි ජල මූලාශ්‍රයකට අයත් ජලය හඳුනා ගැනීමට කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්‌ සමත්වී ඇත.

භූ කැණීම් සිදුකරන ආයතන විසින් කිලෝ මීටර් 3 ක්‌ ගැඹුරට පොළොව හාරා මෙම ජල මූලාශ්‍රය සොයාගෙන තිබේ.මෙම ජල මූලාශ්‍රය දැනට ලොව සොයාගත් පැරැණිතම ජල මූලාශ්‍රය බව විද්‍යාඥයෝ සඳහන් කරති.

මීට පෙර 2013 වසරේදී කිලෝ මීටර් 2.4 ක්‌ ගැඹුරු පොළොවෙන් සොයා ගත් ජල මූලාශ්‍රය වසර කෝටි 150 ක්‌ පැරැණිය.

මෙම ජලය අඟහරු හෝ වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණි පිටසක්‌වල ජීවීන් භාවිත කරන්නට ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති.