නාවික හමුදාපතිට සේවා දිගුවක් නැහැ

මාගම්පුර වරායේ සිරකරගෙන සිටි නැව් දෙකක් මුදාගැනීමට ක්‍රියාකිරීමේදී මාධ්‍යවේදියෙකුට පහරදීමත් සමග රටේ කතාබහට ලක්වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට සේවා දිගුවක් ලබා නොදීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් දෙපළ විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ තීරණය ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. නාවික හමුදාපතිවරයා ලෙස රවින්ද්‍ර විජේගුණරත්න මහතා 2015 ජූලි 11දා වැඩභාර ගත් අතර ඒ මහතා ලබන වසරේ පෙබරවාරි 22දා විශ්‍රාම යෑමට නියමිතය. නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න මහතා වෙත සේවා දිගුවක් ලබා නොදුන්නද ඔහුට වෙනත් ඉහළ තනතුරක් ලබාදීමට ද රජය තීරණය කරතිබේ.