වෙබ් අඩවිවලට නව නීති

රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අයුරින් පවත්වාගෙන යන සමාජ ජාල වෙබ් අඩවිවලට එරෙහිව නව නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ. 

සයිබර් අවකාශයේ ක්‍රියාත්මක වන වෙබ් අඩවිවලට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නීති රීති පනතක් මගින් ගෙනඑන මෙම නව නීති රීති අනුව සමාජ ජාල වෙබ් අඩවිවලට එරෙහිව පියවර ගැනෙන්නේ ඊට අන්තර්ජාල පහසුකම සපයන මෙරට පිහිටි දුරකථන සමාගම හරහාය. 

මෙවැනි ක්‍රමවේදයක් අනුව රටට අහිතකර සමාජ වෙබ් අඩවි සඳහා අන්තර්ජාල පහසුකම සපයා තිබෙන දුරකථන සමාගම් ඊට වගකිව යුතු වන අතර ඒ අනුව මෙම සමාගම්වලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා අන්තර්ජාතික නීති පද්ධතියක් ගෙනඒමටද රජය කටයුතු කරමින් සිටිනා බවද රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.