ෆෙංෂුයි විද්‍යාව අනුව සිහින පලාඵල

හදිසි අනතුරු

මෙවන් සිහිනයක්‌ දැකීමේ අර්ථය වනුයේ ඔබගේ අවධානය ඔබ නොසිතන දෙයකට යොමුකළ යුතුව ඇති බවයි. උදාහරණ ලෙස සිහිනයෙන් දුටුවේ තමන්ව හදිසි අනතුරකට ලක්‌වෙනවා නම්, එය ඔබේ ශරීරයේ ආබාධයක්‌ ඉ`ගි කරයි. වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌වීම නුවණට හුරුයි.

ගුවන් යානයක්‌

ඔබේ සිතේ නිර්මාණශීලිත්වය අධික බව හ`ගවයි. හො`ද සිහිනයකි. එසේම යම්කිසි දෙයක්‌ හෝ කෙනෙක්‌ ගැන මෙතෙක්‌ සිතා සිටි ආකාරය වැරදි බවත් ඔබට ළ`ගදීම දැනගන්නට ලැබේවි.

අනාචාරයක්‌

ඔබ ඔබේ සැමියාට හෝ බිරි`දට ෙද්‍රdaහිවන ආකාරය සිහිනෙන් දුටුවා නම් කෙනෙක්‌ව පමණට වඩා විශ්වාස කිරීමේදී සැළකිලිමත් වන්න. ජීවිතයට එන අලුත් මිතුරන් ඔබට ෙද්‍රdaහි වනු ඇත.

සතෙක්‌

කැළෑ සතුන් සිහිනෙන් දුටු විට වෙළ`ද ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. නමුත් උන් ඔබට තර්ජනය වන ආකාරයෙන් හෝ පොරකාගනු දුටු විට රැකියා ස්‌ථානයේ ප්‍රශ්න ඇතිවිය හැක. දුවන අශ්වයන් දැකීම තර`ගයකින් ඔබ පරාජය විය හැකි බව දන්වයි. නමුත් සුරතල් සතුන් දැකීමේ විශේෂ අර්ථ නැත.

දුක්‌ තැවුල්

ඔබ දුකින් සිටිනවා සිහිනයෙන් දුටුවේ නම් එහි අර්ථය එම දුක්‌ තැවුල ලෙහෙසියෙන් පහවී යන බවයි. හො`ද සිහිනයකි.

පක්‌ෂීන්

හො`ද සංකේතයකි. එයින් කියවෙන්නේ වාසි දායක යම් දෙයක්‌ ඔබට උරුම බවයි. නමුත් සිහිනෙන් දකින පක්‍ෂියා අනුව මෙය වෙනස්‌ වේ. ලස්‌සන කුරුල්ලන් සිහිනෙන් දුටුවහොත් වාසනා ශක්‌තිය අධික වේ. අලුත් අවස්‌ථා උදාවේ. දියුණුවේ ඉහළටම යා හැක. පියාඹන පක්‍ෂීන් දැකීමේ අර්ථය ඔබේ විජයග්‍රහණය වැඩි ඈතක නොවන බවයි. තවද නිර්මාණශීලී අදහස්‌ ඵලගැන්වෙන බවටද පක්‍ෂීන් සිහිනෙන් ඉ`ගි කරයි.

මල්

ප්‍රිතිය ගෙන එන යමක්‌ ඔබේ ජීවිතයේ ල`ගදීම සිදුවේවි.

ගෙම්බන් / මැඩියන්

හදිසි ධන වාසනාවක්‌ ඔබට ලැබෙන බවයි. රතු වවුලන් සිහිනෙන් දැකීමේ අර්ථයද මෙයම වේ. නමුත් ගෙම්බන් / මැඩියන් ඔබ සිහිනෙන් දැකිය යුත්තේ උන් කොළ පැහැයෙන් සිටින විටදීය. වෙනත් වර්ණ දැකීම සුභ නැත.

ආහාර

ඔබ ජීවිතය ගැන තෘප්තිමත් නැති බවත්, ඔබට ජීවිතයේ යම් කිසි දෙයක්‌ අහිමි වී ඇති බවත් පෙන්වයි.

ඝාතනයක්‌

ඝාතනය / මරණය හෝ අවමංගල්‍ය උත්සව මෙන්ම නැවත අලුත් වීම සංකේතවත් කරයි. නැවත ඉපදීමකි. හො`ද සිහිනයකි. නමුත් මෙය නරක අතට හැරීමට ඉඩ තියෙන්නේ, ජීවිතයට අලුත් ආරම්භයක්‌ ලබා ගැනීමට ඔබට හො`ද ධෛර්යයක්‌ තිබිය යුතු නිසාය. එම නිසා ධෛර්යවන්තව මේ අවස්‌ථාවෙන් ඵල ලබාගන්න.

සිපගැනීමක්‌

යම් කිසි අයෙක්‌ ඔබව සිහිනෙන් සිපගත්තාද? එසේ නම් ඔබ තම හැ`ගීම් පිළිබ`ද සැළකිලිමත් විය යුතුයි. අනිසි සම්බන්ධයක ඔබ පැටලීමට ඉඩ තිබේ. හැගීම් වලට වහල් නොවන්න.

ක`දුවැටියක්‌

ක`දුවැටියක්‌ තරණය කිරීමක්‌ සිහිනෙන් දුටුවේ නම් ඔබ ඉදිරියට එන ප්‍රශ්නයක්‌ හෝ ව්‍යාපෘතියක්‌ පිළිබ`ද ඉ`ගි කරයි. ක`දු මුදුනටම ල`ගා වුණා නම් ඔබට සාර්ථකත්වය ලැබේ. තවද ක`දු ඔබේ ජීවිතයේ මුණගැසෙන විස`දිය යුතු බාධක ගැනද ඉ`ගි කරයි. එනිසා ජීවිතයේ පැමිණීමට ඉඩ තිබෙන විශාල අභියෝගයකට දැන් සිටම මුහුණ දීමට ලෑස්‌ති වෙන්න.

නිරුවත

තමන් නිරුවතින් සිටීම දුටුවහොත් ඔබට රහසක්‌ තිබේ. ඒ රහස එළි වෙනවාට ඔබ බියෙන් පසුවේ. නමුත් වෙනත් අයෙකු නිරුවතින් සිටින ආකාරය දුටුවේ නම් ඔබ දන්නා හ`දුනන අයෙකුගේ රහසක්‌ වසන් කරන බවයි.

අංශභාගය

තමන්ගේ ශරීරයේ පැත්තක්‌ හෝ වෙනත් අයෙකු අංශභාගය සෑදී සිටීම දැකීම අප්‍රාණිකත්වය, ලිංගික දුර්වලතා මෙන්ම ඔබට උදව් අවශ්‍ය මොහොතේ උපකාර නොලැබෙන බව දක්‌වයි.

දීවීම / පළායාම

ඔබ යම් කිසි දෙයකින් ඈතට පළායනු දුටුවේ නම් එයින් ඇ`ගවෙන්නේ සිතේ සැ`ගවී තිබෙන ගැඹුරු බියකි. එය යම් කිසි පුද්ගලයෙක්‌ හෝ හේතුවක්‌ නිසා යටපත් කරගෙන සිටීමට ඔබට සිදුවී තිබේ.

නයා

අනතුරු ඇ`ගවීමකි. නාගයින් රහසිගත රැකවලුන්වේ. එනිසා ඔබ ප්‍රවේශම් විය යුතුය.

ජලය

කදිම සිහිනයකි. දිය ඇල්ලක්‌ දුටුවේ නම් මිල මුදල් ධන සම්පත් ලැබේ. ගලා යන දිය පහරක්‌ දුටුවේ නම් ආදායම වැඩිවේ. එහෙත් අපිරිසිදු ජලය සංකේතවත් කරන්නේ අනතුරකි. මාළු බාමින් සිටිනවා දුටුවේ නම්, ඔබට වැදගත් ව්‍යාපාරික අවස්‌ථාවන් උදාවනු ඇත.

මකුළුවා

මෙයද ඔබ ප්‍රවේශම් විය යුතු බව ඉ`ගි කරන සිහිනයකි. මකුළුවා සහ මකුළු දැල මගින් සංකේතවත් කරන්නේ ප්‍රශ්න විසින් ඔබව ගිල ගැනීමට ඉඩ තිබෙන බවයි. නමුත් මකුළුවන් මරා දමනවා දුටුවේ නම් ප්‍රශ්න ඇතිවන නමුත් ඒ ප්‍රශ්න සාර්ථකව විස`දා ගත හැකියාව ලැබේ.

මනාලියක්‌ / මනාලයෙක්‌

මනාලියක්‌ සිහිනයෙන් දැකීම බලාපොරොත්තු සහගත බව ඉ`ගි කරයි. සිහිනයේ ඔබ සිටියේ මනාලිය හෝ මනාලයා ලෙස නම්, ඔබේ ස`ගවුණු ප්‍රාර්ථනා ල`ගදීම ඉටුවනු ඇත. ඔබ දුටුවේ ඔබ මනාලයෙක්‌ වී ඔබේ මනාලිය සිපගන්නවා නම් ළ`ගදීම ඔබට උරුම දෙයක්‌ ඔබ අතටම ලැබෙනු ඇත. මනාලියන්ගේ මල් කළඹ අතින් අල්ලන බව දුටුවේ නම් ප්‍රවේසම් වන්න.

අවමංගල්‍ය උත්සවයක්‌

මෙයද සුභ සිහිනයකි. එය නරක දේවල්වලට යන්නට ඉඩ හරින බව සංකේතවත් කරයි. මෙතෙක්‌ පැවති ප්‍රශ්නයක්‌ විස`දීයාමක්‌, පැරණි සම්බන්ධයක්‌ අලුත්මක්‌ හෝ පැවති ගැටළුවක්‌ විස`දීයාමක්‌ පෙන්නුම් කරයි.

දබරයක්‌ / කලහයක්‌

සැ`ගවුණු සිත්තැවුලක්‌ / කණස්‌සල්ලක්‌ ඔබේ සිතේ සැ`ගවී තිබෙන බවයි. එය වහාම විස`දාගන්න. නැතිනම් කල්දමන විට තත්ත්වය නරක්‌ වීමට ඉඩ තිබේ.

ගින්නක්‌

ඔබ දුරක සිට ගින්න දෙස බලා සිටියේ නම් සහ ඉන්පසු ගින්නේ දීප්තිය හා විශාලත්වය ක්‍රමයෙන් වැඩිවන බව ඔබ දුටුවේ නම් එය ඔබේ සාර්ථකත්වයයි. සිතේ සිරකරගෙන සිටින අ`දුරු හැගීම්ද ගින්න මගින් සංකේතවත් කරයි. එනම් දුකක්‌ හෝ කෝපයක්‌ විය හැක. නමුත් ඒවා ඉක්‌මනින්ම පහවී යනු ඇත. හො`ද සිහිනයකි.

වර්ණ

දීප්තිමත් වර්ණ ඔබ දුටුවේ නම් ඔබට ජීවිතයේ සතුට උදාවේ. නමුත් මෙය සාමාන්‍ය තත්වයකි.

නිල් - ජීවිතයේ ප්‍රශ්න හා අසීරුකම් ළ`ගදීම අවසන් වනු ඇත.

කළු - ජීවිතයේ දුෂ්කරතා වලින් විශිෂ්ට ජය ගැනීමට ඔබට හැකිවේ.

රතු - ඉවසීම සි`දී යනු ඇත. අනතුරක සේයාවකි. කල්පනාවෙන් වැඩ කරන්න.

තැඹිලි - ඔබේ කටයුතු කල් දැමීමට සිදුවේ.

රෝස - එකවරම ඔබට නොසිතූ විරූ සාර්ථකත්වයක්‌ ලැබෙනු ඇත.

දම් - බොහෝ කලක්‌ පවත්නා ප්‍රීතියක්‌ / සතුටක්‌ ඔබට ලැබෙනු ඇත.

කහ - ඔබේ ඉදිරි ම`ග පැහැදිලිය.

සුදු - හැම දෙයක්‌ම හො`දින් සාර්ථක වේ.