TV බැලුවොත් ආයුෂ අඩු වෙනවා !

දිනකට පැය හයක් රූපවාහිනිය නරඹන අයකුගේ ආයු කාලය දිනකට විනාඩි 22ක් කෙටි වන බව නවතම පරීක්‍ෂණවලින් හෙළිවී ඇතැයි ජේ‍යෂ්ඨ කථිකාචාර්ය තරංග සමරවික්‍රම මහතා පැවැසීය.

තවදුරටත් කතා කළ සමරවික්‍රම මහතා මේ අයුරින් රූපවාහිනිය නරඹන විට ඒ අයගේ ඇස් පෙනීම ක්‍රමයෙන් දුර්වල වී යන අතර මොළයේ ක්‍රියාකාරීත්වයද දුර්වල වී යන බව නවතම පරීක්‍ෂණ පෙන්වා දී තිබෙනවා.
රූපවාහිනිය මෙන්ම වීඩියෝ පට නැරැඹීමට බොහෝ දෙනා නැඹුරු වී සිටිති. සංවේගදායකය මින් සෞඛ්‍යයට ඇතිවන අයහපත් ප්‍රතිඵල දිනකින් දෙකකින් නොව දීර්ඝ කාලීනව අත්විඳීමට සිදුවීමයි.

අද පාසල් වියේ පසුවන කුඩා දරුවන් පමණක් නොව අම්මලා තාත්තලාද රූපවාහිනියට ඇබ්බැහි වෙලා. මේ නිසා දරුවන්ගේ අවශ්‍යතා ගැන සොයා බැලීම අමතක කරලා. 15%ක් අම්මලා දරුවන්ට ආදරය කරන්නේ නෑ. මේ තත්ත්වය ඔවුන්ගේ අනාගත ජීවිතයට දැඩිව බලපානවා.

අපේ දරුවන්ට රූපවාහිනියෙන් කාටුන් චිත්‍රපට බලන්න දෙන්න එපා. ඉන් ඔවුන්ගේ මනස විකෘති වෙනවා. ඉන් දරුවන්ට යහපත් දෙයක් උගන්වන්නේ නෑ. මෙය ඉතා භයානක දෙයක්. හැකි තරම් දරුවාට සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාව ඉගැන්වීමට ඉඩ සලස්වන්න. භාෂා ශාස්ත්‍රය දරුවාගේ අනාගතයට බලපානවා.

එසේම දරුවන්ට හොඳ ගායනා , ගීත අසන්නට හුරු කරවන්න. ඒවා ගෙදරදී ගායනා කිරීමට ඉඩදෙන්න. මවුපියන්, ගුරුවරුන් දරුවන්ට එම අවස්ථාව සලසා දෙන්න. දරුවන් ඇසෙන දේ අහන දේ ග්‍රහණය කර ගන්නවා විනා, ඒවායේ හොඳ නරක ඔවුන් දන්නේ නෑ. ඒ නිසා හොඳ ගීත කවි ගායනා ඉගෙනීමට සලස්වන්න. ඒවා ඔවුන්ගේ අධ්‍යාපනයට බෙහෙවින් බලපානවා යැයි හෙතෙම පැවැසීය.