සහේලිගෙන් අලුත්ම මියුසික් වීඩියෝව මෙන්න

La Isla Bonita | Saheli Gamage
ගායන ශිල්පිණී සහේලි ගමගේ පිළිබඳව මෙරට සංගීත රසික රසිකාවියන් හඳුණාගත්තේ ඇය විසින් ගායනා කරන ලද "ආයුබෝවේවා මහ රාජාණනේ" ගීතයත් සමග යි.

පසුව දේශපාලන වේදිකාවල පවා ඇය පිළිබඳ කතාබහට ලක්වූ අවස්ථා ද දුලබ වූයේ නැහැ.

පසුගිය කාලයේ සහේලිගේ රසික රසිකාවියන්ට නම් දැණුනේ ඇය තරමක නිහඬබවකින් සිටින බව යි.

කෙසේ වෙතත් ඒ නිහඬතාවය බිඳ දමමින් නවමු ආකාරයේ අපූර්ව නිර්මාණයක් එළිදැක්වීමට සහේලි කටයුතු කර තිබෙනවා.

Mashup Cover ගීයක්වන මෙය බටහිර සංගීතයේ මෙන්ම ලෝකය පුරාම අතිශයින් ආදරයට ලක් වූ "La Isla Bonita" ගීතය සහ භාරත සිනමා ගී අතර සදා නොවෙනස් ලෙස ජනප්‍රිය "O Mere Sona Re" ගීතය එකතු කොට නිර්මාණය කර තිබෙනවා.

සහේලිගේ ගායනය ඔපවත් කිරීමට මෙම නිර්මාණයට සංගීත සංයෝජන දායකත්වය ලබා දී ඇත්තේ අනුෂ්ක දසනායක යි.

එමෙන්ම මෙම ගීතය සඳහා රූප රචනාවක් ද එළිදක්වා තිබෙනවා.

එය පහතින් නරඹන්න