උද්ධමනය ඉහළට

උද්ධමනය
ඉකුත් සැප්තැම්බර් මස උද්ධමනය සියයට 4.7 දක්‌වා සුළු වශයෙන් ඉහළ ගොස්‌ ඇත.පසුගිය අගෝස්‌තු මස පැවැති උද්ධමනය සියයට 4.5 ක්‌ විය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත.මේ අනුව අගෝස්‌තු මාසයේ 113.3 ක්‌වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ දර්ශක අගය ඉකුත් සැප්තැම්බර් මාසයේදී දර්ශක අංක 113.5 ක්‌ දක්‌වා සියයට 0.2 කින් ඉහළ ගොස්‌ තිබේ.

සැප්තැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්‌ඩයේ සියයට 2.1 ක සහ ආහාර නොවන කාණ්‌ඩයේ සියයට 2.7 ක දායකත්වයක්‌ ලබාදී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.