මද කිපෙද්දි ලිංගය වටා දැමු මුද්ද නිසා තරු පෙනිලා!

ඇඟිල්ලට මුද්දක් පලඳිනවා සේ තම ලිංගය වටා ලෝහ වළල්ලක් දමා සිටියදී ලිංගය ප්‍රාණවත් වීමත් සමඟ දැඩි අපහසුතාවට පත්වූ අයෙක් ඉකුත් දිනෙක රාත්‍රියේ නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබිණි.

නාසය හා කන්පෙතිවල එක එක වර්ගයේ ලෝහ වළලු එල්ලාගෙන සිටි ඔහු නුවරඑළියේම පදිංචිකරුවකු බව හෙළිවී ඇත.වාට්ටු සේවක කාර්ය මණ්ඩලය එම වළල්ල ප්‍රවේශමෙන් කපා ඉවත් කිරීමෙන් අනතුරුව ඔහුට තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.