ඇපල් iphone 7 පැමිණෙයි

ඇපල් සමාගමේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන iphone 7, iphone 7 plus සහ ඇපල් ස්මාර්ට් watch එක ඊයේ ලෝකෙටම හඳුන්වා දුන්නා.

එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඇපල් සමාගම විසින් නිර්මාණය කළ හොඳම සහ බලවත්ම ජංගම දුරකතනය ලෙස එම සමාගම නම් කරන්නේ මෙම නවතම iphone 7 සහ iphone 7 plus දුරකතනයන් දෙකයි.

මෙවර ඇපල් ස්මාර්ට් watch නිර්මාණය කර තියෙන්නේ විශේෂයෙන්ම පිහිනුම් ක්‍රීඩකයන් සඳහා. ඒ අනුව එය කොටස් තුනකින් පැමිණෙනවා. සාමාන්‍ය අය සඳහා, පිහිනුම් තරගවල යෙදෙන අය සඳහා සහ දිවීමේ ව්‍යායාමවල යෙදෙන අය සඳහා ආදී වශයෙන්. මේ නවතම ඇපල් ස්මාර්ට් watch එකට වතුර යන්නේ නැහැ. මීටර් 50ක ගැඹුරක මෙය භාවිතා කරන්න පුළුවන්. විශේෂිතම කාරණය තමා වතුර යටත් මේ ඇපල් ස්මාර්ට් watch එකේ සද්දේ ඇහෙන එක.


ඇපල් සමාගම නිර්මාණය කළ හොඳම ජංගම දුරකතනය ලෙස සැලකෙන මෙම නවතම iphone 7, iphone 7 plus ජංගම දුරකතනයේ වෙනස්කම් රාශියක් කරලා තියෙනවා.

මේ අනුව ලොව විශාලම iOS එකක් තියෙන්නේ iphone 7, iphone 7 plusවල
මැසේජ් කරන සිස්ටම් එකේ ලොකු වෙනසක් කරලා තියෙනවා.

වතුර යන්නේ නෑ

අනෙක් හැම එකකටම වඩා design එක වෙනස් කරලා.
Home Buttun එක වෙනස් කරලා..එහි දැන් ප්ලේ බට්න් එකකුත් තියෙනවා.
කැමරාව ඉතාමත් පැහැදිලි සහ iphone 7 plus එකේ පසුපස කැමරා දෙකක් තියෙනවා.
display එකේ පැහැදිලිතාවය විශාල ලෙස දියුණු කරලා.
Speaker අලුත්ම සිස්ටම් එකක්.
Performance එක සීයට සියකින් ඉහළ දමලා
නවතම අනෙක් හඳුන්වා දීම Airpods
iphone 7 එකේ මිල ඩොලර් 649 යි.
iphone 7 plus එකේ මිල ඩොලර් 769 යි
සැප්තැම්බර් 9 සහ 16 යන දිනවල වෙළඳපොළට පැමිණීමට නියමිතයි.