කිෂානිගෙ Photo එකකට අසැබි Comment

kishani alanki perera
කාලයක්‌ නිහඬව සිටි ඇය දැන් යළිත් කලා කටයුතු ආරම්භ කරලා. ඇගේ කලා කටයුතු වගේම පසුගිය දවසක සිද්ධවුණු සිදුවීමක්‌ නිසාත් ඇය ගැන මේ දවස්‌වල කතා බහ වැඩි වෙලා. ඒ නිසාම අපි ඇයට කතා කළා ඇගේ අලුත්ම තොරතුරු දැනගන්න...

ඇය කිෂානි අලංකි.....
මොනවද කිෂානි මේ දවස්‌වල කරන්නේ?
සුරදූතියෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ වගේම තිලිණ බොරලැස්‌ස මහත්මයාගේ ටෙලි නාට්‍යකටත් රංගනයෙන් දායක වුණා. ඒකෙ මේ වෙද්දී කොටස්‌ 15 ක්‌ විතර රූගත කිරීම් කරලා අවසානයි.

එතකොට චිත්‍රපට?
හුඟාක්‌ හොඳ චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා ආරාධනා ලැබුණා. නමුත් මගේ වැඩ නිසා ඒ නිර්මාණය මට භාර ගන්න බැරිවුණා.

යළිත් ආරාධනාවක්‌ ලැබුණොත්?
යළිත් හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් සතුටින් භාරගන්නවා.

වේදිකා නාට්‍ය සඳහා සහභාගී වෙන්න අකමැතිද?
ඉස්‌කෝලේ යන කාලේ කළාට පස්‌සේ ලොකුවට වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න බැරිවුණා.

අධ්‍යාපන කටයුතු දැන් අවසානද?
ඔව්.. නීති උපාධිය ලබාගෙන අවසන්.

දැන් ඔබ නීතිඥයෙක්‌ ලෙස කටයුතු කිරීම ආරම්භ කරලද?
තාම නෑ. නමුත් මං ඒ සඳහා සූදානම්. හැබැයි මගේ ලොකුම කැමැත්ත තියෙන්නේ මානව හිමිකම් සම්බන්ධව කටයුතු කරන්න.

ඔබ නීති උපාධිය ලබා ගත්තේ?
ම්... දැන් අවුරුදු දෙකක්‌ තුනක්‌ වෙනවා.

ඊට පස්‌සේද ආයෙත් කලා කටයුතු ආරම්භ කළේ?
ඔව්.. පසුගිය අවුරුද්දේ මං හුඟාක්‌ කාර්ය බහුල වුණා. මොනර කඩදාසි, රන් දම්වැල් නිර්මාණ සහ අනෙකුත් වැඩසටහන් සමඟ.

අධ්‍යාපන කටයුතු නිසා කලා කටයුතු බොහෝ සෙයින් මඟහැරුනාද?
ඔව්.. ඒක නං එහෙම තමයි. මං පාඩම් කරන කාලේ හුඟාක්‌ හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණා. නමුත් අකමැත්තෙන් වුණත් ඒ සියල්ල ප්‍රතික්‌ෂේප කරන්න සිදුවුණා. ඒකට කරන්න දෙයක්‌ නෑ ඉතිං. මොකද මං වැඩිපුර අවධානය යොමු කළේ මගේ අධ්‍යාපන කටයුතුවලට. මොකද මොන ක්‌ෂේත්‍රයේ හිටියත් හොඳ අධ්‍යාපනයක්‌ තිබිය යුතුයි කියන කාරණාව මං විශ්වාස කරනවා.

රාධා කොහොමද?
හොඳයි..

කවුරුත් මේ ගැන වැඩිය දන්නේ නැහැ නේද?
මං මේ සාරි shop එක ආරම්භ කළේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ. ඉතිං වැඩි කාලයක්‌ නෑ. තම මාස හතරයිනේ.

ඇයි එක පාරටම ව්‍යාපාරයකට අත ගහන්න හිතුවේ?
මගේ අම්මා ළඟ හොඳ සාරි sellection එකක්‌ තිබුණා. ඉතිං හුඟ දෙනෙක්‌ අහපු කාරණාවක්‌ තමයි ඇයි මෙහෙම දෙයක්‌ නොකරන්නේ කියලා? අනිත් අතට මමත් අම්මත් දෙන්නම කැමති දෙයක්‌ නිසා මේදේ කරන්න හිතුවා.

boy friend ගේ නම මොකක්‌ද?
ඇත්තටම මේ වෙනකොට එහෙම කෙනෙක්‌ නෑ.

එතකොට විවාහය?
සුදුසු කෙනෙක්‌ ලැබුණම ඉස්‌සරහට සලකලා බලනවා. ඇත්තටම විවාහ යෝජනා නම් හුඟාක්‌ එනවා. ඒත් මං හිතන්නේ විවාහයට සුදුසු වෙන්නේ අදහස්‌ වුණත් හුඟාක්‌ හොඳට ගැලපෙන කෙනෙක්‌ කියලා. හරිකෙනාව ලැබුණම සලකලා බලනවා මිසක්‌ විවාහය ගැන මං තාම හිතලා නෑ.

නිෂ්පාදිකාවක්‌ වෙන්න හිතුවේ කවද්ද?
ඒ අදහස හිතට ඇවිත් තියෙන්නේ. ලබන අවුරුද්ද දිහාට උත්සහයක්‌ දරන්නයි හිතන්නේ. මොකද මේ වෙලාවේ මගේ අවධානය තියෙන්නේ සාරි shop එකට. කොහොම උණත් try කරලා බලන හින්දි ටෙලි නාට්‍යයක්‌ නිෂ්පාදනය කරන අදහස මගේ හිතේ තියෙනවා.

මොකක්‌ද මේ Instagram ප්‍රශ්නය?
ඇත්තටම මේ ප්‍රශ්නය ඇති කරපු කෙනා fake account එකකින් පෙනී සිටින කෙනෙක්‌. මං ඉතාම සාමාන්‍ය විදිහට ඇඳුම් ඇඳලා ගත්තු මගේ photo එකකට අසැබි විදිහට comment කරලා තිබුණා. මං එච්චර ඔය වගේ දේවල් ගණන් ගන්නේ නෑ, මග ඇරලා ඉන්නවා. ඒත් මට අනිත් අතට හිතුනා මේ පුද්ගලයා මේ දේම තව ගෑනු ළමයකුට කරයිනේ කියලා. මං ඒ කෙනාට කිව්වා කරුණාකරලා මගේ account එකෙන් අයින් වෙන්න, මේ වගේ වැරදි වැඩ කරන්න එපා කියලා.

ඔහු ඔබ කිව්වා දේ ඇහුවද?
පස්‌සේ ඒ පුද්ගලයා මගෙන් සමාව ගත්තා.

ඔබ මේ සම්බන්ධව නීතිමය පියවර ගන්න උත්සහ කළේ නැද්ද?
මේ සිද්ධිය මං මෙතනින් අමතක කරලා දානවා. පටු අදහස්‌ තියෙන බුද්ධියක්‌ නැති නූගත් මිනිස්‌සු තමයි මේ වගේ නුවුවමනා වැඩ කරන්නේ. කොහොමත් ඉදිරියේදී සමාජ ජාල වෙබ් අඩවි භාවිතයන්ට අදාළව නීතිරීති සකස්‌ වෙනවා. එතකොට මෙවැනි සිද්ධීන් report කිරීමේ හැකියාව ඇතිවෙනවා සහ අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීම සීමා වේවි. ඒක අද කාලීන අවශ්‍යතාවක්‌. මොකද අද social media භාවිත නොකරන කෙනෙක්‌ නැති තරම්.

යුගන්ති යශෝදරා