ලංකා විදුලිබල මණ්ඩලය මගින් කැළණි ගඟ හරස් කර ගිනිගත්හේන පොල්පිටියේ ආරමිභ කර ඇති බොර්ඩිලන්ඩි ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ කැණිමි කටයුතු සිදුකරන උමං මාර්ගයකට ඉහළින් වු විශාල නිවසක් අද (07) උදැසන එක්වරම පොළොෙවි අඩි හැටක් ගැඹුරට ගිලා බැසිම නිසා එම ගමිමානයේ පදිංචිකරුවන් දැඩි නොසන්සුන්තාවයකට පත්වි තිබේ.
පොල්පිටියේ සිට කිතුල්ගල කලූබෝතැන්න දක්වා කිලෝ මිටර් හතරක් දුරට කැණිම් කටයුතු ආරමිභ කර ඇති උමං මාර්ගය හේතුවෙන් එම උමග ඉහළින් වු නිවාස දොළහක පදිංචිකරුවන් තාවකාලිකව ආරකෂිත ස්ථාන කරා යොමු කිරිමට එම ව්‍යාපෘතියේ නිළධාරින් කටයුතු කර තිබුණි.
එසේ පදිංචිකරුවන් ඉවත් කර තිබු නිවසකුයි මෙසේ අද (07) උදෑසන 8.00 ට පමණ ගිලා බැස ඇත්තේ. එම නිවස ඉදිරිපිට තිබු විශාල අඹගසක් හා පොල් ගසක්ද ගිලා බැසිමට ලක්වු බවත් එම ගිලා බැසිමට ලක්වු නිවසට යාබදව තවත් ප්‍රදේශවාසින් පවුල් දාහඅටක් තවදුරටත් පදිංචිව සිටින බවත් එම පදිංචිකරුවන්ටද මෙම අවධානම පවතින නිසා ඔහුන් එම ස්ථාන වලින් ඉවත් කරන ලෙසයි ව්‍යාපෘති භාර නිළධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොටි එකසිය තිස්පහක් එක් කිරිමෙ අපේකෂාවෙන් ආරමිභ කර ඇති මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව චින සමාගමක් විසින් සිදුකරන අතර අද ගිලා බැසිමට ලක්වු ස්ථානය පරිකෂා කිරිමට එම ව්‍යාපෘතිය භාර චින නිළධාරින් පිරිසක් එම ස්ථානයට පැමිණ පරිකෂණ ආරමිභ කර තිඛෙනවා.
මෙම ගිලා බැසිමට ලක්වු ස්ථානයට යාබදව සිටින පදිංචිකරුවන්ට ආරකෂක හේතුන් මත තාවකාලිකව තමන් පදිංචි නිවාස වලට නොයන ලෙසට ගිනිගත්හේන පොලිසිය මගින් උපදෙස් ලබා දි තිඛෙනවා.