මහනුවර මහ පෙරහර හෙට

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් මහා රන්දෝලි පෙරහර හෙට (17) වීදි සංචාරය කරයි.හෙට රාත්‍රී 8.00 පසුවී විනාඩි 09ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගෙවදීම සිදුකරයි.

පසුදින අලුයම ගැටඹේ තොටින් දිය කපා ගෙඩිගේ විහාරයට පැමිණ දහවල් පෙරහර පවත්වා මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්කෙරේ. එදිනම සවස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී දියවඩන නිලමේවරයා ඇතුළු බස්නායක නිලමේවරුන් විසින් පෙරහර සාර්ථකව නිම කළ බවට පෙරහර සංදේශය ජනාධිපතිවරයාට බාරදීමද සිදුකෙරේ.