
මේ බාල වයස්කාර බි්‍රතාන්‍ය ජාතික තරුණිය නිවාඩුවක් ගතකිරීම සඳහා තම මවුපියන් සහ බාල සහෝදරයන් හතර දෙනා සමඟ ලංකාවට පැමිණ කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ අටවැනි මහලේ කාමරයක නවාතැන් ගෙන ඇත.
පසුගිය 14 දින ඇය සවස බිම් මහලේ ඇති පිහිනුම් තටාකයට ගොස් දිය නා අටවැනි මහලට පැමිණ තම මවුපියන් පැමිණෙන තෙක් කාමරය අසල පුටුවක වාඩි වී සිටි අවස්ථාවේ සැකකාර ඉන්දියන් ජාතිකයා පැමිණ ඇය ලස්සන බවට වර්ණනා කර ඇගේ මුහුණ අතගා ගොස් නැවත හැරී පැමිණ ඇයව බලෙන් සිපගෙන ඇති බවට පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඇය විසින් පැමිණිල්ල ලියා පොලිසියට භාර දී එදිනම රාත්‍රියේ මවුපියන් සමඟ ලංකාවෙන් පිටව ගොස් ඇති බව පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.