දැරියට අතවර කළ තිදරු පියා අත්අඩංගුවට

කොළඹ සිට පාසල් නිවාඩුවට ගාල්ලේ ආත්තම්මාගේ නිවසට පැමිණ සිටි අට හැවිරිදි කුඩා දැරියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හැට හතර හැවිරිදි තිදරු පියෙකි.

මෙම දැරිය කොළඹ ප්‍රදේශයේ පදිංචිව පාසල් යන අතර නිඩාවු කාලය ගත කිරීම සඳහා ගාල්ලේ සිටින තම ආත්තම්මාගේ නිවසට පැමිණි තිබේ. ආත්තම්මා නිවසින් පිටතට ගිය අවස්‌ථාවේ දැරිය මුහුද බැලීම සඳහා නිවස පිටුපස තිබෙන වැට අසලට ගොස්‌ සිටියදී යාබද නිවසේ සිටි සැකකරු දැරියට මෙම අතවරය කර ඇත. මෙය දැක ඇති අසල්වැසියකු දැරියගේ ආත්තම්මා පැමිණි විට සිද්ධිය දැනුම් දීමෙන් පසුව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්‌ෂණ පැවැත්වීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු තිදරු පියකු වන අතර දරුවන් තිදෙනාම විවාහ වී සිටින බවය. ඔහුගේ බිරිඳ මියගොස්‌ ඇති බවද අනාවරණය වී තිබේ. දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.