දයා මාස්ටර්ට උසාවියෙන් කැඳවීමක්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට වවුනියාව අධිකරණයේ අද (10දා) පෙනී සිටින ලෙස වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කොට ඇත.

වවුනියාව අධිකරණ ආරංචි මාර්ග පැවැසුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරී ලෙස සේවය කළ පිරිස සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අනුව දයා මාස්ටර්ට අධිකරණයේ පෙනී සිටීමට පෙරේදා (8දා) නියෝග කොට ඇති බවයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාකාරීව පැවැති සමයේ එහි මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දයා මාස්ටර් හා එම සංවිධානයේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ ජෝර්ජ් මාස්ටර්ට එරෙහිව මීට පෙර අධිකරණය හමුවේ ගොනු කොට තිබූ නඩුවලින් දයා මාස්ටර් නි‍ෙදාස් කොට නිදහස් කරනු ලැබීය. දයා මාස්ටර් දැනට යාපනය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටියි.