යෝෂිත ගුටි කෙළියක

කුරුණෑගල දිසිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක් අතර රග්බි සුපර් 7 තරඟාවලිය සම්බන්ධයෙන් වූ කතාබහකදී නුවර ක්‍රීඩා සමාජයේ ෆාරූක් නම් ක්‍රීඩකයාට ඉතා අමාණුෂික ලෙස පහරදී ඇතැයි වාර්තා වේ.

යෝෂිත රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සමග මෙම ෆාරූක් නම් ක්‍රීඩකයා කතා බහේ නිරතව සිටියදී මේවර රග්බි තඟාවලිය ගියවරට වඩා සංවිධානාත්මකව සිදු කෙරෙන බව පවසා ඇත.

එම අවස්ථාවේ ඔවුන් සමග කතා බහේ නිතරව සිටි යෝෂිත රාජපක්ෂගේ සියලු ඕනෑ එපාකම්වලදී ඉදිරිපත්වන "ගාතයා" නොහොත් දනුෂ්ක පෙරේරා නැමැත්තා විසින් නුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීකයාට පහරදී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ඔවුන් සිටි ස්ථානයට ගොස් අදාළ කාරණය සම්බන්ධයෙන් විමසා ඇත් අතර පසුව යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස පොලිස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

යෝෂිත ඇතුළු පිරිස මත්පැන් පානය කර සිටි බවදට වාර්තා පළ වේ.

යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය හා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අධිරකණමය නඩු කටයුත්තක්ද පවතින අතර ඔහු නාවික හමුදා නිලධාරියෙකුව සිටියදී හමුදා විනයනීත කඩකරමින් විදේශ සංචාරවල යෙදීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව පවතී. ඔහුගේ අධිකරණමය කටයුතු අවසන්වනතුරු ඔහුගේ සේවාකාරය තාවකාලිකව අත්හිටුවා තිබේ.