පාද යාත්‍රාව අදට නවතියි

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව  කිරිබත්ගොඩ නගරයෙන් අවසන් කර තිබේ.පාද යාත්‍රාවේ සිව්වන දිනය අද(31) වන අතර එය නිට්ටඹුව නගරයෙන් ගමන් ආරම්භ කළේය.

පාද යාත්‍රාවේ අවසන් දිනය වන හෙට(01) දිනයේ එය කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

මේ අතර මෙම පාද යාත්‍රාව පිළිබඳව අද දිනයේ ද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළේය.ආණ්ඩුව ජන සටන පාද යාත්‍රාවට බිය වී ඇති බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ පාද යාත්‍රා පවත්වා ආණ්ඩුව බිඳ දැමිය නොහැකි බවයි.