පබාට දේශපාලනය එපාම වෙලා

පබා එහෙමත් නැත්නම් උපේක්ෂා ස්වර්ණමාලි අම්මා කෙනෙක් වෙන්න යනවා කියන එක අමුතු ආරංචියක් නොවුණට එයා දේශපාලනයට සමුදෙන්න යනවා කියන එක නම් අලූත් ආරංචියක්.
පහුගිය කාලෙ දේශපාලන වේදිකාවෙ කතා බහට ලක් වුණු චරිතයක් වුණු උපේක්ෂාට එකපාරටම දේශපාලනේ එපාම වෙලා ගියේ ඇයි කියන එක ගැන අපි ටිකක් හොයල බැලූවා.

කොහොම වුණත් ඒකට හේතු වෙලා තියෙන්නෙ එයාගෙ පවුල් ජීවිතේ ලූ. උපේක්ෂාම කියන විදිහට එයාගෙ සැමියා එයාට දක්වන ආදර සැලකිලි නිසා එයාට දැන් වටින්නෙ එයාගෙ පවුල් ජීවිතේලූ. අනෙක් ඒවා ඔක්කොම දෙවැනි තැන තමයිලූ.

ඊටත් උපේක්ෂා ළඟදීම අම්මා කෙනෙක් වෙන නිසා එයාගෙ එකම සතුට හොඳ ගෘහණියක් වගේම හොඳ අම්මා කෙනෙක් වෙන එකලූ. දේශපාලනේ කරනවද නැද්ද කියන එක එයාට අදාළ නෑලූ. මොකද එයා දේශපාලනේට ආවෙත් එයාගෙ පෞද්ගලික වුවමනාවකට නෙමෙයිලූනේ.

හැබැයි ඉතින් මේ මොන දේ වුණත් උපේක්ෂා රඟපෑමෙන් නම් ඉවත් වෙන්නෙ නෑ කියල තමයි කියන්නෙ. මොකද එයා ක්ෂේත‍්‍රයේ වැඩ කරන්නෙ ගොඩක් ආසාවෙන්ලූ නේ.

එක අතකින් උපේක්ෂා එහෙම තීරණයක් ගත්ත එක හරි. අර කතාවකුත් තියෙනවනේ ගිනි පෙනෙල්ලෙන් බැටකාපු කෙනා කණාමැදිරි එළියටත් බයයි කියලා.