ගම්මන්පිලට ඇප

Udaya Gammanpila released on bailව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සාදා ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයත් කොටස් විකුණූ බව කියන සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ ඇප මත නිදහස් කර තිබේ.

ඒ කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගකට අනුවයි.

සැකකරුවන් වන උදය ගම්මන්පිල රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හරිනු ලැබීය.

සිඩ්නි ජයසිංහ රුපියල් 15000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.

අනතුරුව දෙදෙනාගේම විදෙස් ගමන් තහනම් කලේය.

Related Posts Plugin for WordPress, Blogger...