එළුවන් 47 ක් මරුට - 09 කට තුවාල

මඩකලපුව, කොක්කොඩිචෝලෙයි සිල්ලිකොඩියාරු ගම්මානයේ එළු කොටුවට ගිනි ගැනීමෙන් එහි සිටි එළුවන් 47 ක් මරණයට පත්ව ඇත.වාර්තාකරු පැවසුවේ ඉන් තවත් එළුවන් 09 ක් තුවාල ලබා ඇති බවයි.

එළුවන් කොටුවේ දමා එම කොටුව අසල මදුරුවන්, මැස්සන් හා ශීතලෙන් එළුවන් ආරක්ෂා කිරීම සඳහා ගිනි තබනු ලබයි.

එම ගින්න එළු කොටුවට වැදුනු බවට හිමිකරුවන් පවසයි.


මෙය දුටු අසල්වැසියන් එළුවන් අයිතිකරුවා ඇහැරවා ගින්න නිවා ඇති බව ද සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කොක්කොඩිචෝලෙයි පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

(මඩකලපුව සමූහ වාර්ථාකරු - ජවුෆර්කාන්)