මහෙන්ද්‍රන්ගෙන් යටිකූට්ටු වැඩක්

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සකස් කර කෝප් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාව ව්‍යාජ වාර්තාවක් බවට හැඟවීම සඳහා එම වංචාව සම්බන්ධයෙන් සෘජුවම චෝදනා ලබා සිටින මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

විගණකාධිපතිවරයාගේ එම වාර්තාව අනියම් ආකාරයකින් තමා වෙත ගෙන්වාගෙන ඇති මහේන්ද්‍රන් මහතා එම තොරතුරු ලබා දුන් නිලධාරීන්ව එකිනෙකා හමුවෙමින් ඔවුන් බිය ගන්වමින් සිටින බවත් වගණකාධිපති වාර්තාවේ කරුණු අසත්‍ය කරුණු බවට දිවුරුම් පෙත්සම්වලට අත්සන් ගනිමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

එම වාර්තාව අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවතත් මහ බැංකුවේ අධිපති ධුරය සඳහා පත් කිරීම නොසුදුසු යැයි විගණකාධිපති නිර්දේශ කර ඇතැයිද ඊයේ (29) මාධ්‍ය වාර්තා පළ විය.