නින්දෙන් ගොරවනවැයි බිරිඳ එලවලා

තම විවාහක බිරිඳ නින්දෙන් ගෙරවිම පිලිබඳව කෝපයට පත් තරුණ සැමියකු ඇය නිවසින් එලවා දැමු පුවතක් කුරුවිට,ගඟබඩ ගම්මානයෙන් වාර්තා වෙයි. 

මෙම තරුණ යුවල විවාහ වි දැනට ගතව ඇත්තේ වසරක පමණ කාලයක් ගත වී ඇති අතර ඇය නිතරම නින්දෙන් ගෙරවිම පිලිබඳව සැමියා තුල එදා සිටම ඇතිවූයේ කලකිරිමක් සමගම කෝපයකි. 

මේ සම්බන්ධයෙන් ඇය සමග බහින්බස්විම්ද නිතර ඇතිවිම නිසා ඇගේ වැඩිහිටියන්ගේ උපදෙස් මත වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම කෙම්ක්‍රමයන්ද අනුගමනය කලත් තත්ත්වයේ වෙනසක් ඇති නොවිණි. 

ඉකුත් දිනක මේ යුවලද ගමේ නඩයක් සමග කතරගම වන්දනාවේ ගොස් රාත්‍රි නවාතැන් ගත්තේ එකම ශාලාවකය. එදින රාත්‍රියේද බිරිඳගේ ගෙරවිමේ තරම අසල්වැසියන්ද දැනගත්තෙන් සැමියා සිටියේ දැඩි කෝපයෙනි. එය දෙගුණ තෙගුණ වූයේ තරුණියන් කිපදෙනෙකු තවත් යෙහෙළියන්ට කියමින් බිරිඳට සිනාසිමත් නිසාය. නිවසට පැමිණීමෙන් පසුව යළිත් දෙදෙනා අතර මේ සම්බන්ධයෙන් ආරාවුලක් ඇතිවිය.

 අවසානයේ සැමියා ඇයව නිවසින් එලවා දැම්මේ නැවතත් මෙහි නොපැමිණෙන ලෙස තර්ජනය කරමිනි. මෙවර නම් සැමියාගෙන් බේරුමක් නොලැබෙන බව තේරුම්ගත් ඇය මහගෙදරට ගොස් නතරවුවාය. දෙපාර්ශ්වයේම වැඩිහිටියන් එක්ව මෙම දෙදෙනා සමගිකිරිමට උත්සාහ දැරූවද පලක්වූයේ නැත. සැමියා ඇයගෙන් වෙන්වීමේ බලාපොරොත්තුවෙන් නීතිමය කටයුතු කරමින් සිටින බවද දැනගන්නට තිබේ. (කුරුවිට සමූහ-රූපිකා කේ.බණ්ඩාර)