බැසිල්ගේ බිරියට ආවතේව කරන්න කාන්තා නැවියෙක්

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරියගේ ආවතේව සඳහා නාවික හමුදාවෙන් වැටුප් ගෙවා කාන්තා නැවියකු පත්කර තිබුණ බව ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය.

තවද රාජපක්ෂ මහත්මිය උත්සව සඳහා සහ ගම්පහ කාර්යාලයට යන විටදී ඒ මහත්මිය මුහුණ පිසින ටිෂූ පෙට්ටි සහ ඇයගේ ආම්පන්න ඇතුළත් බෑගය වාහනයේ තැන්පත් කිරිම යන කාර්යන්ද නාවික කාන්තා නැවි වෙත පැවරී තිබුණ සෙසු කාර්යයන්ය.

යුද සහ නාවික හමුදාවේ එකසිය හැත්තෑඅට දෙනෙකු රාජපක්ෂ පවුලේ ආරක්ෂාවට යොදවා තිබුණ අතර ඔවුන්ගෙන් එක් අයකු වන්නේ මෙම නාවික කාන්තා නැවි වන අතර මෙම ආරක්ෂක පිරිස වෙනුවෙන් වැටුප් ගෙවීම් යුද සහ නාවික හමුදා සිදු කර තිබුණ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක හේරත් මහතා සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ‍අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.