උපන් ලපයෙන් කියවෙන ජීවන රහස්

උපන් ලප පිහිටා ඇති තැන අනුව, උපන් ලප පිහිටි තැනැත්තාගේ ගතිගුණ මෙන්ම වාසනාව අවාසනාව පිළිබඳ අනාවැකි පැවසීමේ ශාස්ත්‍ර‍ට ඇත්තේ දිගු ඉතිහාසයකි. මේ චීන ජාතිකයින් විසින් උපන්ලප පිළිබඳව පුරාතණ ශාස්ත්‍ර‍ අනුව කෙරෙන විග්‍ර‍හයකි.

1. නළල මැද – අන්‍යන් සමග නිතර ගැටළු ඇතිකරගැනීමට පෙළඹෙනවා සේම, උසස් නිලධාරීන් සමග එකඟ නොවෙන ස්වභාවයකින්ද යුක්තයි.


2. නළලේ වම සහ දකුණ – යම් වැඩක වඩාත් හොඳින් නිරත වීමේ සුවිශේෂී හැකියාවක් ඔබට තිබෙනවා. ඒ සඳහා තම සම්පූර්ණ ශක්තිය යොදවනවා.

3. ඇස් බැම – ඔබේ ඇස් බැමට පහතින් උපන් ලපයක් පිහිටා තිබෙනවානම් ඉන් අදහස් කරන්නේ සමෘද්ධිමත් බවයි. උපන් ලපය ඇස් බැම අතර සැඟවී තිබෙනවානම් ඔබ වඩාත් ඉසුරුමත් පුද්ගලයෙක් බව සංඛේතවත් වෙනවා. ඇස් බැමට ඉහළින් පිහිටා ඇති උපන් ලපයෙන් පවසා සිටින්නේ ජීවිතය පුරාවටම යහමින් මිලමුදල් ඔබේ අතේ ගැවසෙන බවයි.

4. ඇසිපිය – ඇසිපිය මත පිහිටන උපන් ලපවලින් පවුලේ අසමගිය සහ මුදල් නැති නාස්ති වීම පිළිඹිඹු කරනවා. ඇසට පහතින් උපන් උපන් ලපයක් තිබෙනවානම් ඉන් අදහස් වන්නේ ඔබ ඉතාමත්ම හැගීම්බර පුද්ගලයෙක් බවයි.

5. කම්මුල් – එක් වහලක් යටට වී පවුල් ජීවිතයක් ගත කිරීමට නොහැකි හුදකලාව වෙසෙන පුද්ගල චරිත ස්වභාවයක් ඉන් නිරූපණය වෙනවා. නාසය අසල පිහිටා ඇති උපන් ලපයෙන් පවසා සිටින්නේ දුක් කම්කටොලූ වලට මුහුණ පෑමට සිදුවන බවයි.

6. කන – ඔබේ කන මත උපන් ලපයක් පිහිටා තිබෙනවානම්, ඉන් අදහස් කරන්නේ ඔබ යහපත් ගතිගුණ වලින් හෙබි කීර්තිමත් පුද්ගලයෙක් බවයි. කන ඇතුලට වෙන්න උපන් ලපයක් පිහිටා තිබෙනවානම් දීර්ඝායුෂ ඇති බව පැවසෙනවා. කන් දෙකේම උපන් ලප පිහිටා තිබෙනවානම්, ඔබ බලපුළුවන්කම් ඇති වැදගත් පුද්ගලයෙක් බව හෙළිවෙනවා.

7. නාසය – නාසයේ ඉහළ පිහිටා ඇති උපන් ලපයෙන්, ආදරය හා සම්බන්ධ ප‍්‍රශ්න බහුල අස්ථීර ගති ස්වභාවයකින් යුත් පුද්ගල චරිත ස්වභාවයක් පෙන්නුම් කරනවා. නාස් දණ්ඩ මත උපන් ලපයක් පිහිටා තිබෙනවානම් අවාසනාව සහ දුර්භාග්‍ය සංඛේතවත් වෙනවා. නාසයේ පැත්තට වෙන්න පිහිටා තිබෙන උපන් ලපය විසින් පවසා සිටින්නේ ඔබ මුදල් සමග හොඳින් කටයුතු කරන බවයි.

8. නිකට – දුර ගමන් යන්නට වැඩි ආශාවක් ඇති හිතුවක්කාර සහ මුරණ්ඩු පුද්ගලයෙක්.

9. තොල් – ඔබේ උඩි තොලේ උපන් ලපයක් තිබෙනවානම් වරප‍්‍රසාද භුක්ති විඳින ජීවිතයක් උරුම බව පැවසෙනවා. යටි තොලේ උපන් ලපයක් පිහිටා තිබෙනවානම් ඉන් අර්ථවත් වන්නේ සාර්ථක ජීවිතයක් ඔබට උරුම බවයි.

10. බෙල්ල – බෙල්ලේ පිහිටා ඇති උපන් ලපය ඉච්චාභංගත්වය සංඛේතවත් කරනවා. ඔබේ බෙල්ලේ මැදට වෙන්න උපන් ලපයක් පිහිටා තිබෙනවානම් ඉන් අර්ථවත් වන්නේ, සමීප පුද්ගලයින්ට නිතර රිදවන දඩබ්බර චරිතයක් ඔබට ඇති බවයි.

11. අත් – ඉතාමත්ම හැගීම්බර පුද්ගල චරිත ස්වභාවයක් ඇති බව පෙන්නුම් කරනවා.

12. පපුව – සමාජයේ ඉහල ස්ථානයක සිටින බලවත් පුද්ගලයක්.

13. බඩ → නාභියට ආසන්නව ඇති උපන් ලපය, ප‍්‍රීතිමත් ජීවිතයක සන්ඛේතයකි.

14. අල්ල – මුදල් උපයන විදිය දන්නා නිපුනත්වයකින් හෙබි පුද්ගලයෙකි.

15. පිට පැත්ත – ජීවිතයේ සාර්ථකත්වය ලබාගැනීම සඳහා විශාල කැපකිරීමක් සහ බරක් ඉහිලීමට ඔබට සිදුවෙන අතර, ඒ සඳහා බොහෝ කාලයක් ඔබට වැයවෙනවා.

16. කකුල් – කකුලක උපන් ලප පිහිටා ඇති පුද්ගලයින් ලිංගික වශයෙන් ඉතාමත් කඩිසර වන අතර, නොයෙකුත් අත්හදා බැලීම් සිදුකිරීමටද දැඩි ආශාවක් දක්වනවා. දණහිසේ උපන් ලපයක් පිහිටා තිබෙනවානම් ඉන් අදහස් කරන්නේ ධනය ඇතිබවයි.

17. පාද – පාදයේ උපන් ලප ඇති පුද්ගලයින් උපතින්ම නායකයින් වන අතර, යහපත් දේ සිදුකරමින් ලෝකයට ආධාර කරනවා.