මස්වැද්දාගේ සගයන් 2ක් අල්ලයි

දුර්ලභ ගණයේ වනසතුන් විශාල වශයෙන් දඩයම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මහනුවර පන්විල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (02) දිනයේ එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. තවත් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙන බව පන්විල පොලිසිය ප‍්‍රකාශ කළා.

නකල්ස් වනාන්තරය ආශ‍්‍රිතව සිදු කෙරෙන මෙම වනසතුන් දඩයම් කිරීමේ ජාවාරමට නායකත්වය ලබාදුන් පුද්ගලයා සාද් ශරාෆ් නැමැත්තෙකු බවද හෙළි වුණා. ඔහු මෙම දුර්ලභ ගණයේ වනසතුන් දඩයම් කරන ආකාරය සහ ඒ සඳහා යොදා ගන්නා ගිනිඅවි ඇතුළු ආයුධ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේද ප‍ළ කර තිබුණා.

කෙසේවෙතත් එම සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඔහු මේ වනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බැවින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.