Jul22016

නව මහ බැංකු අධිපති ජනපති හමුවෙයි

නව මහ බැංකු අධිපති ලෙස ජනපති නියමයෙන් පත් වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (2) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හමුවී ඇත.

ජනාධිපති නිල නිවසේදී මෙම හමුව සිදු වී ඇති අතර එහිදී ජනාධිපතිතුමන් හා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සුහද පිළිසඳරක නිරත වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

තවද නව මහ බැංකු අධිපතිවරයා ලබන සඳුදා සිට නව පදවියේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.