ලංකාවට පරාජය (වීඩියෝ)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලියේ පස්වැනි හෙවත් අවසන් තරගය ඊයේ (02) පැවැත් වුණා.මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීම සදහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව මුලින්ම පිටියට පැමිණි එංගලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 324ක් රැස්කර ගත්තා.පන්දු යැවීමේදි ලක් කණ්ඩායම වෙනුවෙන් දනුෂ්ක ගුණතිලක කඩුළු 3ක් දවාගත්තා.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4කදි සියලුදෙනා දැවී ලබාගැනීමට හැකි වුනේ ලකුණු 202ක් පමණයි.එහිදී තරමක් හෝ සාර්ථකත්වයට පැමිණියේ දිනේශ් චන්දිමාල් සහ දනුෂ්ක ගුණතිලකයි.චන්දිමාල් ලකුණු 53ක් සහ දනුෂ්ක ලකුණු 48ක් රැස්කර ගත්තා.

ඒ අනුව තරග 3ට 0ක් ලෙස මෙම තරගාවලිය ජය ගැනීමට එංගලන්තයට හැකි වුණා.
ලකුණු පුවරුව පහතින්


මෙම තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් බලන්න