ෆොන්සේකාට US වීසා නොලැබේ

fonseka
ප්‍රාදේශිය සංවර්ධන ඇමැති හා  හිටපු යුද හමුදාපති  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමරිකා  එක්සත් ජනපදයට  ගමන් කිරිම සඳහා ඇමරිකාව වීසා ප්‍රතික්ෂේප කර ඇතැයි  ඔහුට  සමීප ආරංචි කියයි.

2009 යුද සමයේ  යුද හමුදාපති වශයෙන් ක්‍රියාකරද්දී  යුද හමුදාවේ අපරාධ සිදුවී යැයි ඔහුට වීසා නොදීමට  හේතුව බව දැනගන්නට  තිබේ.

ෆොන්සේකාගේ දියණියන් බැලීමට  2015 දී  ඔහු කොළඹ ඇමරිකා තානාපති කාර්යාලයෙන් වීසා  ඉල්ලා සිටි නමුත් එය ද ප්‍රතික්ෂේප විය. කැබිනට්  ඇමැතිවරයකු  වු පසුව ද ඔහු ඇමරිකාවේ සංචාරයකට  අවසර  දෙන ලෙස ඉල්ලා  ඇතැයි  ද එම වීසා ඉල්ලුම්පත ද ප්‍රතික්ෂේප කර ඇතැයි  දැනගන්නට  ඇත.

ඇමරිකා  තානාපති  ආරංචි මාර්ග පවසනුයේ පෞද්ගලික වීසා  ඉල්ලුම්පත් ගැන එම පුද්ගලයාට  හැර  මාධ්‍යයට හෝ වෙනත් අයට  කරුණු  දැක්වීම ඔවුන්ගේ පිළිවෙත නොවන බවයි.

දැනගන්නට  ඇති විදියට මෙම සිද්ධිය ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් ඇමරිකා  රාජ්‍ය දෙපාර්තමේන්තුවට ෆොන්සේකා කරුණු දැක්වීමට  නියමිත බවයි.