පිළිකා රෝගීන්ට සීමාවකින් තොරව මුදල්

cancer
පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා රජය විසින් මෙතෙක්‌ වෙන් කරනු ලැබූ රුපියල් ලක්‍ෂ 15 ක මුදල් සීමාව ඉවත්කර එම රෝගීන්ට ප්‍රතිකාර සඳහා සීමාරහිතව මුදල් ලබා දෙන ලෙස සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස්‌ දී තිබේ.

මේ අනුව ඉදිරියේදී සීමාවකින් තොරව පිළිකා රෝගියකු ජීවත්ව සිටින තාක්‌ කල් සියලු බෙහෙත් හා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් නිකුත් කෙරෙන බව සෞඛ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාවන් සඳහා රජය විසින් අතිවිශාල මුදලක්‌ වෙන්කර ඇති බවද හෙතෙම අවධාරණය කළේය.