උ/පෙළ අගෝස්‌තු 2 සිට

a/l
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය සඳහා අයෑදුම්කරුවෝ තුන් ලක්‍ෂ පහළොස්‌ දහස්‌ හයසිය පස්‌ දෙනෙක්‌ පෙනී සිටිති.

මේ අතරින් දෙලක්‍ෂ හතළිස්‌ දහස්‌ නවසිය අනූ එක්‌ දෙනෙක්‌ පාසල් අයෑදුම්කරුවෝ වෙති. සෙසු පිරිස පෞද්ගලික අයෑදුම්කරුවෝය. මෙවර විභාගය සඳහා විශේෂ අවශ්‍යතා ඇති (ආබාධිත) දරුවෝ 195 දෙනෙක්‌ ද පෙනී සිටිති. මෙම දරුවන්ගේ අවශ්‍යතා කවරේද යන්න සම්බන්ධයෙන් දිවයින පුරා පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණවල දී විභාග දෙපාර්තමේන්තුව හඳුනාගෙන විභාගයට පෙනී සිටීමේදී එම අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරනු ලබයි. විභාගය අගෝස්‌තු මස 2 වැනිදා සිට 27 වැනිදා දක්‌වා මධ්‍යස්‌ථාන 2204 කදී පැවැත්වේ.