අජිත් රාජපක්ෂ නි. කතානායක ධුරයට


පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ වැඩි ඡන්දයෙන් තේරී පත් විය.
අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඡන්ද 109 ක් හිමි වූ අතර රෝහිණි කවිරත්න මන්ත්‍රීවරියට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 78 කි.

නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්ද විමසීමේදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 23 කි.

ICU වසාදැමීමේ ලකුණු


සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙවීම් පැහැර හැරීම නිසා සිදුවන දෙයක්

සියලුම දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර සදහා අවශ්‍ය ප්‍රතික්‍රියක නොලැබී යාම හේතුවෙන් ඉරියට එම ඒකක පවත්වා ගෙන යෑමට නොහැකි දැඩි අර්බුධයක් මතුවී තිබෙන බව වාර්තා වී ඇත.

ඉතිහාසයේ පළමු වරට මහින්ද – රනිල් ආණ්ඩු පක්ෂයේ අසුන්ගනී


නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්ද අද පෙරවරු 08.30 ට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තනතුරක් ගන්න මාත් කැමතී- හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නිකුත් කළ නිවේදනයක් මෙසේය. සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මා මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට මම සූදානම්. 

මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි.

ආණ්ඩුවට සහාය දෙනවා..- ස්වාධීන පක්‍ෂ 10


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ. 
 
අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ අමාත්‍යධුර කිසිවක් බාර නොගෙන රටේ රට ගොඩනැගීම සඳහා වන යෝජනාවන්ට තම කණ්ඩායමේ සහාය ලබාදෙන බවයි.