ඉතිහාසයේ පළමු වරට මහින්ද – රනිල් ආණ්ඩු පක්ෂයේ අසුන්ගනී


නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්ද අද පෙරවරු 08.30 ට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙතෙක් විපක්ෂයේ අසුන්ගෙන සිටි රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයේ, අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ අසුන් ගැනීමට නියමිතයි. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරයෙකු ද වන බැවින් ආණ්ඩු පක්ෂයේම ඉදිරිපෙල ආසනයක් ඔහුට හිමිවනු ඇති.