දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමක්


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පිරිසකගේ ප්‍රහාරයට ලක්වී තිබේ.

ඊයේ ගැටුම්වලින් 06 ක් මරුට / 218 ක් ජාතික රෝහලේ


කොළඹ ඊයේ හටගත් ගැටුම්වලට අදාළව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන ආ පුද්ගලයන් අතුරින් දෙදෙනකු මියගොස් තිබෙනවා.

යෝෂිත සහ බිරිඳ රටින් යති

අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි, අගමැති පුත්, යෝෂිත රාජපක්‍ෂ ඊයේ (09 දා) අලුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇතැයි වාර්තා වේ.
යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ීූ 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇතැයි ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ ආරක්‍ෂක නිලධාරීන් රහිතව පෞද්ගලික රථයකින් පැමිණ ගුවන්තොටුපළට ඇතුළු වී ඇති අතර ඔවුන්ගේ ගමනාන්තය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

ඇඳිරි නීතිය බදාදා තෙක් දීර්ඝ කෙරේ


මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද රාත්‍රී 7.00 සිට හෙට දින උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ලබන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. මින් ඉහත එය හෙට උදේ ඉවත් කරන බව දන්වා තිබුණත් බදාදාට වෙනස් කර ඇත.

තුවාල ලැබූ ගණන 100 ඉක්මවයි


ජාතික රෝහලෙන් ලැබෙන අලුත්ම ආරංචිය අද පෙරවරුවේ ගෝඨාගෝගමදී සිදුවූ ගැටුම්කාරී තත්වයත් හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 130 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.