දින 365න් දින 124ක් රජයේ නිවාඩු

මෙම වර්ෂයේ (2018) දින 365න්දින 124ක් රජයේ නිවාඩු දින ලෙස යෙදී තිබේ.

රාජ්‍ය ආයතනවලින් මහජනතාවට සේවය සැලසීමේදී විශාල නිඩාඩු දින ප්‍රමාණයක් යෙදී තිබීම බාධාවක් විය හැකි බැවින් නිවාඩු ගැන නොසිතා රජයේ නිලධාරීන් සේවය සැලසිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.

ජනපති, මංගලගේ ගැසට් නිවේදනය අවලංගු කරයි.

මත්පැන් සඳහා කාන්තාවන්ට පනවා තිබු වාරණ ඉවත්කරමින් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත්කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගකර ඇත.

අද (14) අගලවත්තේ පැවති ශ්‍රීලනිප ප්‍රචාරක රැලියකදී ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

හෂිනි රත්නායක 17 දක්වා බන්ධනාගාරයට

රන්භාන්ඩ වංචාවක් සඳහා සැකපිට අද 9 උදෑසන පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප‍්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි රත්නායක අද සවස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන17 වන දින දක්වා සතියක කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොලිසියට කටඋත්තර නොදී සිටියදී උසාවි නියෝග මත ඇය අත්අඩංගුවට සැරසුණ අවස්ථාවේ අද උදේ ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට පත් විය.

සනුකගේ පෙම්වතිය වින්ඩිද?

සනුක වික්‍රමසිංහ කියන්නේ වර්තමාන තරුණ පරපුරේ ඉදිරියෙන්ම සිටින ගායකයෙක්. සංගීත් වික්‍රමසිංහගේ පුතා විදිහට ක්‍ෂේත්‍රයට ආවත් සනුක මේ වනවිට ඔහුටම ආවේණික සංගීත සම්ප්‍රදායක්ද ගොඩනගා ගෙන තිබෙනවා. මේ රටේ ඉන්න ජනප්‍රිය ගායක ගායිකා යුවළකගේ බාල දියණිය සමග සනුකගේ නම ඈදිලා මේ දවස්වල කටකතාවකුත් පැතිරිලා යනවා.

රනිල් වගේ නිවුණු කෙනෙක්ට දේශපාලනය සුදුසු නෑ

ඊයේ දිනයේ සමාජජාල මාධ්‍යයන්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණේ අපේ අගමැතිතුමා ප්‍රවීන නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග කළ නර්තනයක වීඩියෝවක් ගැනයි.

සතුටු වෙන්න ක‍්‍රම 10 ක්

සතුට තිබෙන්නේ තමන් තුළ බව බොහෝ දෙනා හිතන්නේ නැහැ. අනුන්ගෙන් සතුටු වෙන්න බලා ඉන්න අයට ජීවිතේ සතුට කියන්නේ හුඟක් දුර දෙයක්. ඔබ කරන කියන වැඩ තුළින් සතුටු වෙන්න ඉගෙනගැනීම තුළින් ජීවිතය හුඟක් ලස්සන වෙනවා. ලැබූ 2018 අවුරුද්දේ ජීවිතයට අලූත් බලාපොරොත්තු පුරවාගෙන මේ ක‍්‍රියාකාරකම් හි නියැළුණොත් ඔබට මගහැරුණු සතුට නැවත හමුවෙනවා සත්තයි.

අගමැති රනිල් රංගනයේ යෙදුණු වීඩියෝව

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති උත්සවයකට එක්ව තිබෙනවා.ඒ මංගල අවස්ථාවක් සඳහායි.එම අවස්ථාවේ ඔහු සියල්ලන් සමග සතුටු වෙමින් සිටින වීඩියෝවක් මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.

එය පහතින් නැරඹිය හැකියි.

බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප්‍රකාශය පිළිගන්න එපාලු

බැඳුම්කර කොමිසම විසින් සකස්කළ වාර්තා ජනතාවට බලා ගැනීමට අවස්ථාව ලැබෙන තෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ පිළිබඳව කළ ප්‍රකාශය පිළිනොගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය වසරේ ලොව හෙල්වු සල්ලිකාරයෝ

ධනවතෙකු වීම මේ කාලයේ බොහෝ දෙනෙකු තුළ ඇති ලොකුම සිහිනයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ධනවතුන් වන්නට මෙන්ම ධනවතුන් ගැන කියවන්නටද මේ බොහෝ දෙනෙකු කැමැත්ත දක්වන බව රහසක් නොවේ. මේ සමග පළවන්නේ 2017 වසරේ ධනවතුන් ගැන මේ වනවිට පළවී ඇති තොරතුරු බිඳකි.

2017 වසර අවසන් වනවිට ලෝකයේ වඩාත්ම ධනවත් පුද්ගලයා කවුද කියා දැනගන්නට කවුරුත් කැමැති වනු ඇත. බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකය වැනි වාර්තාවන්ට අනුව 2018 ජනවාරි මුල වනවිට මෙම වාර්තාවට හිමිකම් කියන්නේ ජෙෆ් බෙසෝස් නමැති ව්‍යාපාරිකයායි.

ක්‍රීඩකයන්ගේ මනස හදන්න මනෝ වෛද්‍ය ජොන්සි අද එයි

දිගින් දිගටම පරාජයේ වේදනාවෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එළැඹෙන බංග්ලාදේශ සංචාරයට පෙර මානසිකත්වය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් මනෝවෛද්‍ය විශේෂඥවරයකු වන පිල් ජොන්සි මහතා අද (2) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.