ගයේෂා දේශපාලන පිටියට බැහැලා

හැමදාමත් අලුත් විදියේ වැඩක්‌ හරහා කරළියට එන චරිතයක්‌ තමයි ගයේෂා කියන්නෙ. රංගනය ජීවිතය කරගත් ඇය රූ රැජනක්‌ විදිහටත් ජාත්‍යන්තරයට ගිහින් තියෙනවා.

පසුගිය කාලේ සමාජ සේවයටද කැප වුණා. දැන් තමයි එහි ඇත්ත නැත්ත හෙළි වෙන්නෙ. ඔන්න ගයේෂත් මෙදා පාර ඡන්දෙ ඉල්ලනවලු.

විස්සයි20 තරගාවලියත් ඉන්දියාව දිනයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 88ක ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඉන්ඩෝර් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාගේ ආරාධයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 5 ට ලකුණු 260ක් රැස්කළේය.

විස්සයි20 පිටියේ සම වේගවත්ම ශතකය වාර්තා කළ රෝහිත් ෂර්මා ලකුණු 118ක් රැස්කළේය. ඔහු ලෝකේෂ් රාහුල් (89) හා එක්ව පළමු කඩුල්ලට ලකුණු පන්දුවාර 12.5කදී ලකුණු 165ක සබඳතාවත් පැවැත්වීය. රෝහිත්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි දෝනි (28) හා එක්වූ රාහුල් ඉන්දීය ඉනිම පන්දුවාර 18.3කදී ලකුණු 243ක් දක්වා රැගෙන ආවේය.

ට්‍රම්ප්ගේ තීරණයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 128ක් විරුද්ධයි

ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට විරුද්ධව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 128ක් විරෝධය ප්‍රකාශ කර තිබේ.

ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව රටවල් 128ක් මෙසේ සිය ඡන්දය භාවිත කළේය.

ජනතා විමුක්ති පෙරමුණත් දෙකඩ වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුඑ සාමාජිකයින් 31 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්ව තිබේ.

ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු තහනම යළි හකුලා

ශ‍්‍රී ලංකාව තුළ ඇස්බැස්ටෝස් තහනම ක‍්‍රියාත්මක කිරීම කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ, ඊයේ (19) පැවති කැබ්නට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමත් සමගයි.

පියුමි හංසමාලි ජැක්සන් සමග ඉන්දීය සිනමාවට

ලංකාවේ අන්තර්ජාල තාරකාවක් ලෙස පුකට නමක් දිනා සිටින පියුමි හංසමාලි ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ අනිල් කුමාර්ගේ ‘ලක්නව්‘ නමැති ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන තිබේ. එහි ප්‍රධාන නළුවා ලෙස ලංකාවෙන්ම ජැක්සන් ඇන්තනිව තෝරාගෙන තිබෙන අතර මේ සම්බන්ධ මුහුරත් උළෙලට සහභාගී වීම සඳහා ජැක්සන් හා පියුමි පසුගියදා ඉන්දියාවේ සංචාරයකද නිරත විය.මෙම චිත්‍රපටය ඉදිරියේදී නිර්මාණය කරන්නට නියමිත එකකි.

නිමල් ලන්සා ඇමති ධුරයෙන් ඉවත් වෙයි

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු පසුගිය මහ මැතිවරණයේදී සන්ධානය යටතේ තරග කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර පසුව ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරමින් ආණ්ඩුවට එක්විය.

දිවයිනපුරා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 45000ක්

දිවයිනපුරා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 45,000ක් සිටින බවත් ඔවුන් දිනකට පිරිමින් ලක්ෂ තුනකට පමණ සේවය සපයන බවත් කුරුණෑගල රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්.ඒ.සී.ඩබ් හතුරුසිංහ මහතා අනාවරණය කළේය. ඒ මහතා ඒ තොරතුරු අනාවරණය කළේ, ජාත්‍යන්තර ඒඩ්ස් දිනයට සමගාමීව කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැති දේශනයකදීය.

සියයට 75 ක්‌ම සිංහල කාන්තාවන් වඳභාවයට පත්වෙලා !

ගතවූ වසර 10 ක කාලය තුළ මෙරට සිංහල සහ ද්‍රවිඩ කාන්තාවන්a එල්. ආර්. ටී. සැත්කම මගින් ලක්‍ෂ 9 කට අධික පිරිසක්‌ වඳභාවයට පත්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමිපාණෝ "දිවයින" ට ඊයේ (17 වැනිදා) පැවසූහ.

මේවා සාක්‍ෂි සහිතව ඔප්පු කර පෙන්විය හැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

දෙසැම්බර් මස 20 සිකුරු මාරුව ඔබේ ලග්නයට

2017 දෙසැම්බර් මස 20 වැනි බුධ දින සවස 6.32ට ග්‍රහ මණ්ඩලයේ සිකුරු තමාට සම රාශි භවනක් වූ ධනු රාශියට පිවිසේ. සිකුරු කේතුට අයත් මුල නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් වූ පුවසල නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රසල නැකතේ ප්‍රථම පාදයෙන් ද ගමන් කරමින් 2018 ජනවාරි 13 වැනි ශනි දින දක්වාම ගුරුට අයත් ධනු රාශියෙහි ගමන් කරනු ඇත.