සියයට 75 ක්‌ම සිංහල කාන්තාවන් වඳභාවයට පත්වෙලා !

ගතවූ වසර 10 ක කාලය තුළ මෙරට සිංහල සහ ද්‍රවිඩ කාන්තාවන්a එල්. ආර්. ටී. සැත්කම මගින් ලක්‍ෂ 9 කට අධික පිරිසක්‌ වඳභාවයට පත්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමිපාණෝ "දිවයින" ට ඊයේ (17 වැනිදා) පැවසූහ.

මේවා සාක්‍ෂි සහිතව ඔප්පු කර පෙන්විය හැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද කීහ.

දැන් මේ එල්. ආර්. ටී. වඳ සැත්කම මගින් හුඟක්‌ම වඳභාවයට පත්වෙලා තියෙන්නේ මේ රටේ සිංහල හා දෙමළ කාන්තාවන්. සියයට 75 ක්‌ම සිංහල කාන්තාවන් අද වෙනකොට වඳභාවයට පත්වෙලා. මුස්‌ලිම් කාන්තාවන් දශමයක්‌වත් වඳභාවයට පත්වෙලා නැහැ. මේක කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌. මේකට රජයේ ඇතැම් අයගේ අනුග්‍රහයත් ලැබී තිබෙනවා. රටේ සිංහල ගැහැනුන් විතරක්‌ නොවෙයි පිරිමින් පවා වඳභාවයට පත්කරන්න මේ එන්. ජී. ඕ. කාරයෝ බෙහෙත් කරල් පවා ලංකාවට ගෙනැල්ලා තිබෙනවා. ලංකාවේ සිංහල හා දෙමළ කාන්තාවන් වඳභාවයට පත්කිරීම තුළින් මේ එන්.ජී.ඕ. කාරයෝ ගතවූ වසර 10 තුළ රුපියල් මිලියන 900 කට වැඩි මුදලක්‌ උපයාගෙන තිබෙනවා. මේ වඳ සැත්කම කරගන්නා කාන්තාවන්ට මේ එන්. ජී. ඕ. කාරයෝ රුපියල් 500 ක්‌ දීලත් තියෙනවා.

"මේ සිංහල, දෙමළ කාන්තාවන් එල්.ආර්.ටී. සැත්කම මගින් වඳභාවයට පත්කරගෙන යන ජාවාරම ගැන ආණ්‌ඩුවේ ඉන්න ප්‍රධානීන්ට කියලයි තියෙන්නේ. නමුත් ඒ අයට මේවා නතර කරන්න වුවමනාවක්‌ නැහැ. දැන්වත් මේ නීති විරෝධී ක්‍රියාව නතර කරන්න ආණ්‌ඩුව පියවර ගත යුතුයි. එහෙම නැති වුණොත් මහා සංඝයා වහන්සේ වන අපි එයට විරුද්ධව නැගී සිටිනවා.

අනිත් කාරණේ තමයි නීති විරෝධී ගබ්සාව. දැනට දිනකට නීති විරෝධී ගබ්සාවන් 2000 ක්‌ විතර සිදුකරනවා. මේ බහුතරයක්‌ම සිංහල කාන්තාවෝ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා