පපුව රිදෙන්නේ හදවත් රෝගයකටමද?

හදවත සහ රුධිර නාල ආශ්‍රිත රෝගාබාධ විශේෂයෙන්ම හෘදයාබාධ නැතිනම් හාට් ඇටෑක් ලෙස හඳුන්වන තත්ත්වය ගැන කතාකරනකොට පපුවේ කැක්කුම තමා ප්‍රධාන රෝග ලක්ෂණය. නමුත් පපුවේ එන හැම කැක්කුමක්ම හෘදයාබාධයක ලක්ෂණයක්ද? වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ එය එසේ නොවන බවයි. හෘදයට කිසිම සම්බන්ධයක් නැති හේතුන් සහ රෝගාබාධ නිසා පපුවේ කැක්කුම හටගන්නත් පුළුවනි. අද අපි කතා කරන්න යන්නේ හෘදයාබාධයකදී එන පපුවේ කැක්කුම සහ හදවතට කිසිම සම්බන්ධයක් නැති රෝගාබාධ නිසා ඇතිවන පපුවේ කැක්කුම් ගැනයි.

ලන්ඩන් උමං දුම්රිය ත්‍රස්ත ප්‍රහාරයක් - 22ක් තුවාලයි

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර උමං දුම්රියක් ඉලක්ක කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

බටහිර ලන්ඩනයේ පාර්සන්ස් ග්‍රීන් උමං දුම්රිය ස්ථානයේ බාස්කට් එකක් තුළ බෝම්බය තැන්පත් කර තිබී ඇති අතර, ප්‍රහාරකයා සිතූ ලෙස බෝම්බය පුපුරා ගිනි ගැනීමක් සිදු නොවීමෙන් ජීවිත හානියක් සිදු නොවී හානිය අවම වී තිබේ.

තුවාල ලැබූවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වැඩි දෙනා පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, තවත් අය බෝම්බය සමග ජනතාව බියට පත්ව දිවීමේදී සිදුවූ තෙරපීම නිසා තුවාල ලබා තිබේ.

ෆෙස්බුකිය පුරා පැතිරෙන ගයාත්‍රි ඩයස්ගේ පින්තූර ඇත්තක්ද ?

ජනප්‍රිය නිළි ගයත්‍රී ඩයස්ගේ යැයි පැවසෙන අඩනිරුවත් සහ නිරුවත් ඡායාරූප පෙළක් මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.එම ඡායාරූප පෙළ මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි හරහා මෙන්ම අසභ්‍ය වෙබ් අඩවි හරහාද වේගයෙන් පැතිර යන බවයි දැනගන්නට ලැබෙන්නේ.
කෙසේ වෙතත් මේ සිද්ධියේ ඇත්ත නැත්ත ගයත්‍රීගෙන් විමසන්නට අප තීරණය කළා.එහිදි ඇය පැවසුවේ මෙම ඡායාරූප පෙළ කිසිවෙකු හෝ තමන්ට මඩ ගැසීමේ අරමුණින් අන්තර්ජාලයට එක් කර ඇති බවත් එහි සිටින්නේ තමන් නොවන බව ඕනෑම කෙනෙකු පෙනෙන බවත්ය.
එම නිසා තමන්ගේ යැයි පැවසෙන මෙම ඡායාරූපවල සිටින්නේ තමන් නොවන බවත් ඇය අවධාරණය කර සිටියා.

සිල් රෙදි බෙදා දීම ගැන මහින්ද පහදයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රෙදි නඩුව සම්බන්ධයෙන් නිවේදනයක් මගින් කරුණු පැහැදිලි කර තිබේ. පාසල් නිල ඇඳුම් මෙන්ම සිල් රෙදි ද බෞද්ධ බැතිමතුන්ට පොදුවේ බෙදා දෙනු ලැබූ රාජ්‍ය ආධාරයක් බව එහි සඳහන්ය.

එහි මෙසේ ද සඳහන්ය

ධම්මික පෙරේරා සිංගර් ශ්‍රී ලංකා මිලට ගැනීමට තීන්දු කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා පැරණිම පාරිභෝගික භාණ්ඩ කර්මාන්තයේ නිරත සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට ශ්‍රී ලංකාවේ තවත් දැවැන්ත සමාගම් සමූහයක් වන හේලීස් ඉදිරිපත් වී තිබේ.
මේ සම්බන්ධ අවසාන තීන්දුවට සමාගම් ද්විත්වය විසින් අද (13) සවස් භාගයේ දී පැමිණ ඇත.

කෙහෙළියට ඇප

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද(11දා) නියෝග කර සිටියේය.

ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන සමයේ සිය පෞද්ගලික දුරකථනයේ මාසික බිල වූ රුපියල් දෙලක්ෂ 30,000 ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඇති චෝදනාව වේ.

බැඳුම්කර ලිපිගොනු විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්

බැඳුම්කර කොමිසමේ සාක්ෂි ඊට අදාළ ලිපිලේඛන සහ සන්නිවේදන උපකරණ සහිතව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පත්වාගෙන යනු ලබන බැඳුම්කර කොමිසමේ කාර්යාලය ගිනි තබා විනාශ කිරීමේ සැලැස්මක් පවතින බව බුද්ධි අංශ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී ඇත.

ඉකුත් සැප්තැම්බර් 04 වන දින මධ්‍යම රාත්‍රියේ මෙම කාර්යාල පරිශ්‍රයට ගිනි තබා කොමිසමට අදාළ ලිපිලේඛන පුළුස්සා දැමීමේ සැලසුමක් තිබී ඇති බවත් එම තත්ත්වය වැලකී ඇත්තේ එදින සවස 3.00ට V 2025 පොහොසත් රටක් නමින් වූ සම්මුතිවාදී ආණ්ඩුවේ රට හදන දැක්ම නමින් වූ වැඩසටහනක් ක්‍රියාත්මක වීම බවත් බුද්ධි අංශ ජනාධිපතිවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇත. අදාළ තොරතුරු ලැබීමත් සමඟ බැඳුම්කර කොමිසමේ ආරක්ෂාව තර කළ යුතු බවට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දීමට පියවරගෙන තිබිණි.

ඉලක්කම් දොළහේ නවීනතම ජාතික හැඳුනුම්පත

වසර 25කට පෙර අපේ රටට හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පත වෙනුවට මේ මස මුල සිට නවීනතම ඩිජිටල් ක්‍රමයක් යටතේ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතිය ඇති හැඳුනුම්පතක් නිකුත් කිරීම දැන් අරඹා තිබෙනවා‍.
මේ හැඳුනුම්පතේ ලොකුම වෙනස අංක 12 ක් තිබීමයි. ඡායාරූප දෙකක් එහි සඳහන් වෙනවා. 1972 සැප්තැම්බර් මසදී මුල් වරට අතින් ලියා නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත 2014 පෙබරවාරි 28 දින සිංහල හා දෙමළ භාෂාවලින් පරිගණක තාක්ෂණය මඟින් මුද්‍රණය කර නිකුත් කරන ලදී.

ජනාධිපති සොහොයුරා අත්අඩංගුවේ

පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරකු අත්අඩංගුවට ගනුලැබ ඇත.

නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් සැකකරු වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි.

සැකකරු විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් තිබේ. වකුගඩු රෝගය සඳහා පොලොන්නරුව මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

උදාවන සතියේ ඔබේ දෛවය

මේෂ - සඳු ලග්නයේ ද රවි කුජ බුධ පස්‌ වැන්නේ ද ගමන් කරන අතර ශනි 8 ගමන් කරමින් උදාවන මෙම සතිය තරමක්‌ කරදර සහිතව උදාවන බව පෙනේ. රැකියා හෝ ව්‍යාපාර ආශ්‍රිතව සේවක ගැටලු මෙන්ම සිත් තැවුල් ඇතිවිය හැකියි. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබපලදායකයි. විභාග හෝ සම්මුඛ පරීක්‍ෂණවලින් සමත් විය හැකියි. දරුවකුගේ දියුණුවක්‌ ගැන අසන්නට ලැබේ. සතිය මැද වන විට ආදායම් තත්ත්වයේ වැඩිවීමක්‌ පෙන්වයි. සෙම් රෝගවලින් ප්‍රවේශම් වන්න. සුබ පාට රෝස, සුබ අංකය 2, 3.