හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද(11දා) නියෝග කර සිටියේය.
ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන සමයේ සිය පෞද්ගලික දුරකථනයේ මාසික බිල වූ රුපියල් දෙලක්ෂ 30,000 ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඇති චෝදනාව වේ.
අල්ලස් කොමිසම පවරා ඇති මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළේය.
එමෙන්ම රාජ්‍ය මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් රුපියල් කෝටි 8 කට අධික පාඩුවක් රජයට සිදු කිරීමේ චෝදනාව මත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු 13 ක් පවරා තිබුණි.
එම නඩු අද දිනයේ කැඳවූ අවස්ථාවේදී හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.