මහින්දගෙන් රාජිතට නඩුවක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් සම්බන්ධව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වරින්වර කරනු ලබන ප්‍රකාශ සම්බන්ධව ඔහුට එරෙහිව නඩු පැවරීමට මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

මේ යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ පසුගියදා පැවැති ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගේ රුස්වීමේදීය.

මැදපෙරදිග රටක රාජපක්ෂවරුන් සතු රහසිගත ගිණුමක ඩොලර් බිලියන 18ක් ඇතැයි යන චෝදනාව වාර ගණනාවක් අමාත්‍ය සේනාරත්න විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති නිසා එයට එරෙහිව මුලින්ම නඩු පැවරීමට යන බවද පැවසේ.