ගංජා සමග ප්‍රබල දේශපාලකයකුගේ පුතකු අත්අඩංගුවට

මත්තෙගොඩ නිවාස සංකීර්ණයට යාබදව පිහිටි කර්මාන්ත ශාලා දෙකක සේවකයන් ඉලක්‌ක කර පවත්වා ගෙන ගිය ගංජා අලෙවි මධ්‍යස්‌ථානයක්‌ වැටලූ කහතුඩුව පොලිසිය එම මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගිය බවට සැකකරන ප්‍රබල දේශපාලකයකුගේ පුතකු හා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ පුතකු ඇතුළු සැකකරුවන් හත්දෙනකු ගංජා කිලෝ ග්‍රෑම් 10 ක්‌ සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත ඉකුත් 19 වැනිදා සිදුකළ මෙම වැටලීමෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 24 ත් අතර වයස්‌ කාණ්‌ඩවල පසුවන්නන්ය.

ශෂී වෙල්ගම රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් රුපියල් මිලියන 120ට අධික මුදලක් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම අනිද්දා (22දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් රුක්මනී ලියනාරච්චි මහත්මිය නියෝග කළාය.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලංගමට දුනුකොළ සැපයූ පෞද්ගලික ආයතනයක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු වන එල්. නන්නද පෙරේරා නැමැති සැකකරුද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කරීනා මව් පදවියට

බොලිවුඩයේ සුපිරි තාරකා යුවළක් වන සයිෆ් අලී ඛාන් හා කරීනා කපූර් ඛාන් අද කුඩා බිළිඳෙකුගේ මව් පිය පදවි ලැබුවා. අද 20 අඟහරුවාදා උදෑසන 8.30 ට පමණ උපන් කුඩා කුමරුට ටයිමුර් අලි ඛාන් පටවුඩි යන නම තබා තිබේ.

මව සහ දරුවා දෙදෙනාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින බවද වාර්තා වුණා. කරීනා ඉක්මණින්ම මේ ගැන සමාජ මාධ්‍ය වෙත දන්වමින් සැමට තුති පුදා ඇති අතර සැමට සුබ නවවසරක් හා නත්තල්ද ප්‍රාර්ථනා කර තිබුණි.

දීපාල් හදිස්සියේම රෝගාතුර වෙයි

වැඩිහිටියන්ගේ මෙන්ම පුංචි දරුවන් අතරත් ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගත්තු ඒ ගීතය ගායනා කරන්නේ කවුද කියලා අමුතුවෙන් මතක් කරල දෙන්න අවශ්‍ය නැහැ. ගායනයෙන් වගේම රංගනයෙනුත් ජනතාව වසඟ කරගත්තු ඔහු දීපාල් සිල්වා. 

මේ වනවිට දීපාල් අසනීපවී සිටින බව පසුගිය දවසක අපට දැනගන්න ලැබුණා. ඒ ගැන වැඩි විස්තර හොයාගෙන යද්දී අපට දැනගන්න ලැබුණා, අපි ඔහු ගැන මේ සටහන තියෙන මොහොතේ දීපාල් කොළඹ ජාතික රෝහ‍ලේ 27 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

හසන් අලිට ජනවාරි 9දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ‍ලේකම් හසන් අලි මහතා ලබන ජනවාරි නව වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

ඒ අනුව එම කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්. සල්මාන් මහතා එදිනට පෙර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව මුස්ලිම් කොංග්‍රස් ආරංචි මාර්ග සඳහන් කරයි.