ලබන 2017 වසරේ පැවැත්වෙන ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) මුම්බායි කණ්‌ඩායම නියෝජනය කරන ලසිත් මාලිංගට ඉන්දියානු රුපියල් කෝටි 7.5 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 16 කට වැඩි වටිනාකමක් ලබාදීමට මුම්බායි කණ්‌ඩායමේ බළධාරීන් තීරණය කොට තිබේ.
ඉකුත් විස්‌සයි විස්‌ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක් තරගයක් ක්‍රීඩා කිරීමෙන් පසු මෙතෙක් කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකිව ආබාධයකට ලක්‌ව සිටින ලසිත් මාලිංග දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකි වෙතැයි විශ්වාසය පළ කර සිටියි. "මට දැන් සුව වෙමින් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ විස්‌සයි විස්‌ස තරගාවලියේ සිට ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා." යනුවෙන් මාලිංග සිය ආබාධය පිළිබඳව පවසයි.




