ඇමති ලක්ෂ්මන් යාපාගේ පුත්‍රයාට පොලිස් ඇප

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත්‍රයා පැදවූ සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (18) අලුයම 2.30ට පමණ යතුරුපැදියක ගැටී ඇති අතර යතුරුපැදියේ ගමන් ගත් තරුණයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.

මෙම අනතුරෙන් පසු අමාත්‍යවරයාගේ පුත්‍රයා ප්‍රශ්නය ගොඩින් බේරාගනිමු යැයි පවසා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී තවත් ලක්ෂ තුනක් රැගෙන පැමිණෙන්නේ යැයි පවසා වාහනයද එහි දමා පලා ගොස් ඇත.

ඔහු සතුව තිබී ඇති ජාත්‍යන්තර රියදුරුබලපත්‍රයක්ද ඇපයක් ලෙස අනතුරුය භාජනය වූ තරුණයාගේ ඥාතීන්ට ලබා දී ගොස් තිබේ.කෙසේ නමුත් ඔහු ඉන් පසුව පැමිණ නැති අතර කුරුඳුවත්ත පොලිස්ථානයේ නිලධාරීන් පැමිණ එම ජීප් රථය පොලීසියට රැගෙන ගොස් ඇත.
ඇමති පුත්‍රයා ලබා දුන් ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයද නතුරට පත් තරුණයාගේ ඥාතීන් පොලීසියට භාර දී තිබේ.ඒ අනු ඇමති පුත්‍රයාට පොලීසියට භාරවීමට සිදුව ඇති අතර ඔහු පොලීසියට භාරවීමෙන් පසු පොලිස් ඇප මත මුදාහැර ඇත.
අනතුරට පත් තරුණයා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර අනතුර සිදු කර පළා ගිය ඇමති පුත්‍රයාට මෙසේ පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන්ද දැඩි කතා බහක් ඇති වෙමින් තිබේ.අනතුර සිදුකළ තිස් දෙහැවිරිදි (32) අමාත්‍යවරයාගේ පුත්‍රයා පැදවූ ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ජීප් රථය මුදල් අමාත්‍යාංශයට අයත් රියක් බවද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.කුරුඳුවත්ත පොලිසිය මඟින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.